• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මොරගහකන්ද ජල විදුලි බලාගාරය විදුලි උත්පාදනයට සූදානම්

He news 2017 6 22ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 25 ක ධාරිතාවක් එක්කරන මොරගහකන්ද ජල විදුලි බලාගාරයේ සියලු පර්යේෂණ කටයුතු මේ වන විට සාර්ථකව අවසන්ව තිබේ.


ඉදිරි වැසි සමයත් සමග ජලාශයේ ජල ධාරිතාව ඉහළ යාමෙන් පසු එහි විදුලි උත්පාදන කටයුතු සාර්ථකව ආරම්භ කළ හැකි බව විදුලි ඉංජිනේරුවරු පවසති.


 
ලංකාවේ කෙටිම කාලයකින් ඉදිකෙරුණු විදුලි බලාගාරය වන්නේ මොරගහකන්ද ජල විදුලි බලාගාරයයි.


මොරගහකන්ද ජලාශයේ කොන්කී‍්‍රට් ආස්තරණය කරන ලද වේල්ලට යාබදව මෙම ජල විදුලි බලාගාරය ඉදිකර තිබෙන අතර ජලයේ අධි පීඩනය මත කි‍්‍රයාත්මක වන ටර්බයින් යන්ත‍්‍ර හතරකින් විදුලිබලය නිපදවයි. මෙය මෙගාවොට් 7.5 ක ටර්බයින් යන්ත‍්‍ර දෙකකින් ද, මෙගාවොට් 5 ක ටර්බයින් යන්ත‍්‍ර දෙකකින් ද සමන්විතය.


මෙගාවොට් 7.5ක ටර්බයින් යන්ත‍්‍ර කි‍්‍රයාත්මකවීමෙන් පසු නිකුත් කරන ජලය ඉහළ ඇළහැර ඇළ මාර්ගය ඔස්සේ මහකනදරාව ජලාශය දක්වා ගෙන යන අතර මෙගාවොට් 05 ක ටර්බයින් යන්ත‍්‍ර කි‍්‍රයාත්මකවීමෙන් පසුව පිටවන ජලය අඹන්ගඟට මුදාහැර ඉන්පසුව පැරණි ඇළහැර ඇළ ඔස්සේ ගිරිතලේ මින්නේරිය, කවුඩුල්ල, කන්තලේ ජලාශවලට නිදහස් කෙරේ.


මොරගහකන්ද ජලාශය පිහිටා ඇත්තේ මුහුදු මට්ටමේ සිට මීටර් 132 ක මට්ටමේ උසකිනි.


ජලාශයේ ජල ධාරිතාවය මුහුදු මට්ටේ සිට මීටර් 165 දක්වා ඉහළ ගිය විට ජල විදුලිබලාගාරය කි‍්‍රයාත්මක වන අතර මුහුදු මට්ටමේ සිට මීටර් 185 ක් දක්වා එනම් උපරිම මට්ටම දක්වා විදුලිය නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතී.
 
 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.