• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

කෑගල්ලේ ඩෙංගු රෝගීන් 2809ක්

dengu2017මේ වසරේ ගත වූ මාස හය තුළ කෑගල්ලේ ඩෙංගු රෝගීන් 2809ක් වාර්තා වන බව කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කරයි.


වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වන්නේ මාවනැල්ල කොට්ඨාසයෙන් වන අතර එම සංඛ්‍යාව 629 කි. මීට අමතරව රඹුක්කන, අරණායක හා කෑගල්ල යන සෞඛ්‍ය නිලධාරී කොට්ඨාසයන් හී ද සැලකිය යුතු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී තිබේ. 


මේ වන විට රෝගය මැඩපැවැත්වීම සඳහා ධූමායන කටයුතු මගින් මදුරු මර්ධන කටයුතු අඛණ්ඩව සිදු කෙරෙන අතර ඩෙංගු මර්ධනය සම්බන්ධ  ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් ද ක්‍රියාත්මක කෙරේ. මීට අමතරව නිවාස ජංගම පරීක්ෂා කිරීම් නිරන්තරයෙන් සිදු කෙරේ. 


කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉදිරි මාස දෙකේ දී ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් සිදු විය හැකි බව ත් ඊට මුහුණ දීම සඳහා කෑගලු දිස්ත්‍රික්කයයේ සියලු ම රාජ්‍ය නිලධාරීන් ඒකාබද්ධ ප්‍රවේශයකින් කටයුතු කිරීමේ කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා දිස්ත්‍රික් ඩෙංගු කමිටු රැස්වීමේ දී සඳහන් කළේය. 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.