• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

හැටන් කුණු කසළ ගැටලු ව විසඳීමට කඩිනම් පියවර

Nuwaraeliya 2017 6 22හැටන් නගරයේ කුණු කසළ ගැටලු ව විසඳීමට කඩිනම් පියවර ගැනිමට අවශ්‍ය සෑම පියවර ක්ම ක්‍රියාවට නැන්වීමට පසුගියදා රැස්වු  නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටුව  තිරණය කළේය.


නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම පසුගිය දා දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපති නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.කේ. පියදාස,  මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දි පැවැත්විණ.


එහිදි හැටන් නගරයේ කුණු කසළ ගැටලු ව පිළිබඳ ව සාකච්ඡාවට බදුන් විය. මෙහිදි අනාවරණය වුයේ අදාළ කසළ බැහැරකිරීම සම්බන්ධ ව ඉඩම් පවරා ගැනීමට අදාළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබි ඇති බවය. මෙම ගැටලුව ට තිරසාර විසඳුමක් ලබාගැනීම සඳහා භේදයකින් තොරව සැම දෙනාම එක්ව මෙම සතිය ඇතුලත කටයුතු කළ යුතු බව මෙහිදි තිරණය විය.


මෙම දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම සඳහා අමාත්‍ය පලනි දිගම්බරන්, රාජ්‍ය අමාත්‍ය රාධා ක්‍රිෂ්ණා, පර්ලිමේන්තු මන්ත්‍රි මුත්තු සීවලිංගම්, යන දිස්ත්‍රික්කය නියෝජනය කරන මහජන නියෝජිතයින්  හා අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන් වන මල්ලිකා අමරසේකර, පී.ඒ.සරත්චන්ද්‍ර යන මහත්ම මහත්මින් ප්‍රමුඛ රාජ්‍ය නිලධාරින් රැසක් සහභාගි වුහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.