• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

කෑගල්ල දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 534 දෙනෙකු ට රුපියල් ලක්ෂය බැගින් විසිරි ණය චෙක්පත්

Kegalle 2017 6 22විවිධ බාධක මධ්‍යයේ වුවද ජනතාවගේ අවශ්‍යතා වලට සරිලන ආකාරයේ සහන සැලසීම රජයේ ප්‍රමුඛ අපේක්ෂාවක් බව නිවාස හා ඉදිකිරීම් අමත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි. 


පසුගියදා කෑගල්ල නගර ශාලාවේ පැවැති ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් කෑගල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට විසිරි ණය ප්‍රදානය කිරිමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.


උදාගම්මාන සංකල්පය යටතේ මේ වසර අවසන් වීමට පෙර දිවයින පුරා උදාගම්මාන 2500ක් පිහිටුවීම ද ඉලක්ක කරන බව අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් පැවසීය. කෑගල්ල දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 534 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂය බැගින් විසිරි ණය චෙක්පත් ප්‍රදානය මෙහි දී සිදුකෙරිණි.


මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන තුසිතා විජේමාන්න,සුජිත් පෙරේරා මහත්ම මහත්මීන් ඇතුළු සබරගමුව පළාත් සභා මන්ත්‍රීවරු වන ඩබ්ලිව් සෝමදාස,ආනන්ද මිල්ලන්ගොඩ,උපුල් ශාමල්,ලක්ෂ්මන් කොඩිකාර,කෑගලල් දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බංඩාර,ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කැගල්ල දිස්ත්‍රික් කාර්ය්‍යාලයේ කළමණාකරු අයි.එම් චන්ද්‍රෙස්න යන මහත්වරුන් ද සහභාගි වී සිටියහ.
 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.