• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ගුරු පත්වීම් සහ ගුරු මාරු ක‍්‍රමය පිළිබඳ නව ප‍්‍රතිපත්තියක් මේ වසරේදී - ජනපති

He presidentගුරු පත්වීම් සහ ගුරු මාරු ක‍්‍රමය පිළිබඳ නව ප‍්‍රතිපත්තියක් හඳුන්වාදීමට මේ වසර අවසන් වන විට කටයුතු කරන බව ජනාධිපතිතුමා පැවසීය.


නව ප‍්‍රතිපත්තිය යටතේ කිසිදු පාසලක ගුරු අතිරික්තයක් තිබිය නොහැකි අතර, අතිරික්ත සියලු ගුරුවරු ගුරු පුරප්පාඩු පවතින පාසල් වෙත ස්ථාන මාරුවීම් ලැබිය යුතු බවට චක‍්‍රලේඛයක් ද නිකුත් කරන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.


ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ පොලොන්නරුව සුංගාවිල මුස්ලිම් මහා විද්‍යාලයේ නව ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීමේ උත්සවයට ඊයේ (22) පෙරවරුවේ එක් වෙමිනි.


රටේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මෙම තීරණයට එළැඹි බවද මෙහිදී සඳහන් කළ ජනාධිපතිතුමා රටේ කිසිදු දරුවෙකුට අධ්‍යාපන වරප‍්‍රසාද අහිමිවිය නොහැකි බව ද අවධාරණය කළේය.


රටේ සෑම ජන කොටසකගේ ම ප‍්‍රශ්න විසඳීමත්, ඡන්දය දුන් නුදුන් සැමට එක ලෙස සේවය කිරීමත් ජනාධිපතිවරයා ලෙස තම වගකීම බව ද ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේය.


අද පෙරවරුවේ සුංගාවිල මුස්ලිම් මහා විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා එහි සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගනු ලැබීය.


අනතුරුව සමරු ඵලකය නිරාවරණය කර පංති කාමර 05 කින් සමන්විත නව ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.


“පිබිදෙමු පොලොන්නරුව” දිස්ත්‍රික් වැඩසටහන යටතේ මෙම පාසල සංවර්ධනය කිරීමට පියවර ගෙන තිබෙන අතර ශ්‍රී ලංකා යුද හමුදාව ඉදිකිරීම් සඳහා දායකත්වය දක්වා තිබේ.


උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, පළාත් අමාත්‍ය සම්පත් ශ්‍රී නිලන්ත පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් රංජිත් ආරියරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
 
 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.