• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

නව ලග්ගල නගරයේ ඉදිකිරීම් අවසන් අදියරේ

Laggala 2017මොරගහකන්ද – කළුගඟ ව්‍යාපෘතියෙන් යටවන පැරණි ලග්ගල නගරය වෙනුවට නව ලග්ගල නගරයේ ඉදිකිරීම් මේ වන විට අවසන් අදියරේ පවතින බව මහවැලි අධිකාරිය පවසයි.


මොරගහකන්ද – කළුගඟ ව්‍යාපෘතියෙන් අවතැන්වන පවුල් 3000ක ගේ සේවා අවශ්‍යතා සපුරාලමින් කළුගඟ ජලාශයට යටවෙන ලග්ගල නගරය වෙනුවට කළුගඟ ජලාශයට නුදුරුව නව ලග්ගල නගරය ඉදි කෙරේ.


අනාගත අවශ්‍යතාවයන් සලකා බලමින් හා නව නාගරික සංකල්පය වන, උද්‍යාන නගර සංකල්පයට අනුව මෙම නගරය සැළසුම් කර තිබෙන අතර මුළු ආයෝජනය රුපියල් මිලියන 4500 කි.


නගරයේ මුළු භූමි ප‍්‍රමාණය අක්කර 300ක වපසරියකින් යුක්තවන අතර දැනට පොලීසිය, රෝහල් සංකීර්ණය, මධ්‍ය මහා විද්‍යාලය, ප‍්‍රධාන කි‍්‍රඩා පිටිය, ප‍්‍රාදේශීය සභා ගොඩනැගිල්ල, ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය, විවිධ සේවා සමූපකාරය, තැපැල් කාර්යාලය හා ප‍්‍රධාන බස් නැවතුම්පොළේ ඉදිකිරීම් කටයුතු අවසන් වෙමින් පවතී.


මීට අමතර ව ප‍්‍රාථමික විද්‍යාලය ඇතුළු අලුත් පාසල් 03ක් ඉදිකෙරෙන අතර, ඇතැම් රාජ්‍ය ආයතන දැනටමත් නව නගරයේ ආරම්භ කර තිබේ.


ප‍්‍රදේශයේ සමාජ, ආර්ථික යටිතල පහසුකම් සැපයීම, පවතින ග‍්‍රාමීය මාර්ග පුළුල් කිරීම සහ ප‍්‍රදේශයේ පවතින සංවර්ධන හැකියාවන් හඳුනාගෙන නගරය සැලසුම් කිරීම ද විශේෂත්වයකි.


ලග්ගල නව නගරය දඹුල්ල, මාතලේ, නාවුල, මොරගහකන්ද, පල්ලේගම, වස්ගමුව ජාතික වනෝද්‍යානය හරහා ගිරාදුරුකෝට්ටේ, මහියංගනය ප‍්‍රධාන මාර්ගයට සම්බන්ධ වන අතර දඹුල්ල නගරයට ඝෘජුව සම්බන්ධවන ප‍්‍රධාන මාර්ග පද්ධතිය හේතුවෙන් රාජ්‍ය හා පෞද්ගලික ආයෝජන මෙම ප‍්‍රදේශයට ළගාවීම සිදු වේ.


එමෙන්ම මෙම නගරය සඳහා තෝරා ගනු ලැබූ භූමිය ප‍්‍රදේශයේ ජනතාව විසින්ම තෝරාදෙනු ලැබීම විශේෂත්වයක් වන අතර නව නගරය සැළසුම් කිරීමේදී ස්වභාවික සම්පත්වලින් උපරිම ප‍්‍රයෝජන ලබා ගැනීම, ජනගහණය කේන්ද්‍රගතවීම වැනි කරුණු සැලකිල්ලට ගෙන තිබෙන අතර ස්වභාවික ආපදාවන්ට ඔරොත්තුදීමේ හැකියාව ඇති පරිසරයක් වීම ද වැදගත් කරුණකි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.