• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

අනෙකුත් ආගමික දර්ශනයන්ට හිමි ස්ථානය සුරක්ෂිත කරමින් බෞද්ධාගමික පරිසරයක් තුළ යහපත් සමාජයක් -ජනපති

He 2017 6 23 1අනෙකුත් ආගමික දර්ශනයන්ට හිමි ස්ථානය සුරක්ෂිත කරමින් බෞද්ධාගමික පරිසරයක් තුළ යහපත් සමාජයක් ගොඩනැඟීමට කටයුතු කරන බව ජනාධිපතිතුමා පැවසීය.


ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ පොලොන්නරුව, ලක්ෂඋයන, වේළුවන විවේකාරාම විහාරස්ථානයේ නව සංඝාවාසය සඟ සතු කොට පූජා කිරීමේ පුණ්‍යෝත්සවයට ඊයේ (22) පස්වරුවේ එක්වෙමිනි.


අද සමාජයේ බොහෝ පීඩාකාරි ගැටලුවලට ආගමික දර්ශනය තුළ විසඳුම් තිබෙන බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිතුමා යහපත් සමාජයක් ගොඩනැගීමේ කාර්යයේදී වත්මන් තරුණ පරපුර යළි ආගමික ස්ථාන වෙත සමීප කිරීමේ අවශ්‍යතාවය ද පෙන්වා දුන්නේය.


පොලොන්නරුව ඓතිහාසික බෞද්ධ වටිනාකමකින් යුත් තිවංක පිළිමගෙයි සංවර්ධන කටයුතු පිළිබඳ මෙන්ම දෙමළ මහා සෑයේ සංවර්ධන කටයුතු පිළිබඳ ව ද මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ ඓතිහාසික වටිනාකම් ආරක්ෂා කර ගනිමින් ඒවා සංවර්ධනය කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ සභාපතිවරයා වෙත උපදෙස් ලබා දී තිබෙන බවයි.


ජනාධිපතිතුමාගේ සම්ප‍්‍රාප්තිය සනිටුහන් කරමින් විහාර පරිශ‍්‍රයේ නා පැළයක් රෝපණය කිරීම ද මෙහිදී සිදු වූ අතර වකුගඩු රෝගයෙන් පෙළෙන හේරත් බණ්ඩා මහතා වෙත නිවසක් ඉදිකර ගැනීම සඳහා මුල්‍යමය පරිත්‍යාගයක් සිදු කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.


පොලොන්නරුව, ලක්ෂඋයන, වේළුවන විවේකාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මාපාකඩවැව රතනලංකාර හිමිපාණන් වහන්සේ ප‍්‍රමුඛ පළාතේ මහා සංඝරත්නය ද, උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, පළාත් අමාත්‍ය සම්පත් ශ්‍රී නිලන්ත යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.