• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

2017 - ජාතික පෝෂණ මාසයේ සමාරම්භක උත්සවය අද ගම්පහදී

Rajitha Sen2017 - ජාතික පෝෂණ මාසයේ සමාරම්භක උත්සවය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) පෙරවරු 10.00ට ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.


සෞඛ්‍ය ,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ජාතික පෝෂණ මාසය ජුනි  01 සිට 
ආරම්භ විය. "සීනි නැතුව රස බලන්න" යන්න මෙවර ජාතික පෝෂණ මාසයේ තේමාවයි. වර්තමානයේ පවතින තරගකාරී ජීවන රටාව තුළ, බොහෝ පුද්ගලයන්ගේ වැරදි ජීවන රටාව නිසා දියවැඩියාව, හෘද රෝග හා අධි රුධිර පීඩනය වැනි බෝ නොවන රෝග වැළදීමේ අවදානමට ජනතාව ගොදුරු වී සිටිති. 


සියලුම වයස් කාණ්ඩවල පසුවන්නන් අතර සීනි යෙදූ බීම හා කිරි  භාවිතය අවම කිරීම, සීනි යෙදූ බීම හා කිරි පානයන් භාවිතයට ඇබ්බැහිවීම හා එයින් සිදුවන අහිතකර සෞඛ්‍ය බලපෑම් පිළිබඳ ජනතාව දැනුවත් කිරීම, පිරිසිදු පානීය ජලය  සහ ස්වාභාවික පානයන් භාවිතය ප්‍රවර්ධනය කිරීම, උද්දේශන සහභාගීත්වය සහ බහු පාර්ශවීය සම්බන්ධතා ශක්තිමත් කිරීම තුළින් ජලය සහ ස්වාභාවික පානවර්ග භාවිතය ප්‍රවර්ධනය කිරීම මෙවර පෝෂණ මාසයේ ප්‍රධාන අරමුණුයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.