• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

සර්ටිස් ලංකා සමූහයේ හතළිස් වන සංවත්සර සැමරේ

He news 2017 6 25 22සර්ටිස් ලංකා සමූහයේ හතළිස් වන සංවත්සර සැමරුම හා සම්මාන රාත්‍රිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (23) පස්වරුවේ කොළඹ දී පැවැත්විණි.


සර්ටිස් ලංකා සමාගමට උසස් සේවාවක් ලබාදීම අගයමින් එම සමාගම විසින් ප්‍රදානය කෙරුණු මූල්‍යමය ත්‍යාගල කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් වෙත ජනාධිපතිතුමා අතින් පිරිනැමුණු අතර උසස් පෙල සමත්ව විශ්වවිද්‍යාල සුදුසුකම් ලත් එම සමාගමේ සේවයේ නියුතු දෙමාපියන්ගේ දරුවන් වෙත ද ජනාධිපතිතුමා අතින් ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරිණි.


සර්ටිස් ලංකා සමාගමේ සභාපති සංඛ විජේසිංහ මහතා විසින් බෞද්ධ පුනරුද අරමුදල වෙනුවෙන් රුපියල් ලක්ෂ 25ක මුදලක් ද ජනාධිපතිතුමා වෙත පිරිනැමීය.


අනතුරුව සභාපතිවරයා විසින් ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් ද පිරිනමනු ලැබීය.


මෙම අවස්ථාවට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධනල සර්ටිස් සිස්කෝ සිංගප්පූරු සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ චාලි ලුන් මහතා ඇතුඑ කාර්ය මණ්ඩල නිලධාරීන් ද සාමාජිකයින් ද සහභාගී වූහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.