• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

නියගයෙන් පුත්තලමට පීඩා - ලක්‍ෂයකට වැඩි පිරිසක් පීඩාවට

puttalamaනියගයෙන් පීඩාවට පත් පුත්තලම දිස්ති‍්‍රක්කයේ ජනතාවට අත්‍යාවශ්‍ය සහන ලබා දීමට කඩිනම් වැඩපිළිවෙළක් සකස් කරන්නැයි වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නේය. 


අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මේ වන විට නියගයෙන් පුත්තලමේ ලක්‍ෂයකට අධික පිරිසක් පීඩාවට පත්ව සිටින බවයි. නල ළිං සියල්ල සිදී ගොස් ඇති බවත් පිරිසිදු පානීය ජලය සපයා ගැනීම ප‍්‍රදේශයේ ජනතාවට ඉතා අපහසු කටයුත්තක් වී ඇති බවත් ඔහු පැවසීය. පුත්තලම දිස්ති‍්‍රක් ලේකම් එන්.එම්.බී චිත‍්‍රානන්ද මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සමඟ පැවැති සාකච්ඡාකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.


පුත්තලමට අයත් ප‍්‍රාදේශීය බල ප‍්‍රදේශ 16න් 14ක් ම නියගයට ගොදුරු වී ඇති අතර, ප‍්‍රාදේශීය ලේකම් බල ප‍්‍රදේශ 12 කට නියගයේ බලපෑම තදින් බලපා තිබේ. එම ප‍්‍රදේශවල අවශ්‍යතා සොයා බැලීම සඳහා පුත්තලම දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයේ අධීක්‍ෂණය මත කඩිනම් වැඩපිළිවෙළක් කි‍්‍රයාවට නැගීමටද පියවර ගෙන ඇත. අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කළේ ප‍්‍රදේශයේ ජනතාවට පානීය ජලය ලබා දීම සඳහා ජල බවුසර්වල හිඟයක් පවතින බවයි. එම අවශ්‍යතාව කඩිනමින් සම්පූර්ණ කිරීමට පියවර ගෙන ඇති බවද ඔහු පැවසීය.


නියං සහිත කාලගුණික තත්ත්වය තවදුරටත් පැවතුනහොත් පුත්තලමට හදිසි සහන ලබා දීමට සිදු වනු ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි. 


පිරිසිදු පානීය ජලය නොමැති වටපිටාවක පැතිර යාමට ඉඩ ඇති රෝග තත්ත්වයන් පිළිබඳ වැඩි අවදානයක් යොමු කරන ලෙස තමන් සෞඛ්‍ය අංශ වෙත උපදෙස් ලබා දුන් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.