• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

“දියකාවා - 2016” අවසන් යුද අභ්‍යාසය අරිසිමලේ මුහුදු තිරයේදී

defenceසත්වැනි වරටත් සංවිධානය කරන ලද “දියකාවා - 2016” ක්‍ෂේත්‍ර පුහුණු අභ්‍යාසය (Field Training Exercise – FTX, 'Exercise - Cormorant Strike VII – 2016”) ප්‍රදර්ශනාත්මක මෙහෙයුමක් සමඟ ඊයේ දින (සැප් 20) උදෑසන නැගෙනහිර පළාතේ තිරියාය අරිසිමලේ යාන්ඔය ප්‍රදේශයේදී ආරක්‍ෂක අමාත්‍යංශ ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

ඒ අනුව යුධ, ගුවන් සහ නාවික හමුදා එක්ව ඒකාබද්ධ මෙහෙයුමක් ලෙස සතුරු බලකොටු වෙත ප්‍රහාර එල්ල කීරීමේ හමුදාව නිදර්ශන ක්‍ෂේත්‍ර පුහුණු අභ්‍යාසයක් ප්‍රදර්ශනාත්මක අයුරින් සිදුකරන ලදී.

මේ සඳහා නාවික හමුදාවේ වේග ප්‍රහාරක යාත්‍රා (Fast Attack Crafts – FAC) වෙරළාරක්‍ෂක මුර යාත්‍රා (Inshore Petrol Craft – IPC) වේග ප්‍රහාරක මුර යාත්‍රා (Fast Gun Boats) සෙබළුන් සහ අවශ්‍යතා ගොඩබිමට ප්‍රවාහනය කරන ලෑන්ඩින් ක්‍රාෆ්ට් වර්ගයේ යාත්‍රා (Landing Craft Utility - LCU) මේ වෙනුවෙන් යොදා ගත් අතර ගුවන් හමුදාවේ මිග් (Mig) සහ කේ8 (K8) වර්ගයේ ප්‍රහාරක යාත්‍රා, එම් අයි 17 වර්ගයේ (MI-17) සහ බෙල් 212 (Bell- 212) වර්ගයේ හෙළිකොප්ටර් යානා සී -130 වර්ගයේ ප්‍රවාහන ගුවන් යානාවක් (C -130 Tranceport Craft) මේ සඳහා යොදා ගැනුනි.

කමාන්ඩෝ සහ විශේෂ බලකා සෙබළුන්ගේ ක්‍රියාකාරකම් මෙම අභ්‍යාසයේදී ප්‍රධාන තැනක් ගත් අතර මේ සඳහා විදේශීය හමුදා සාමාජිකයින් 58 දෙනෙක් ද ඇතුළුව යුධ, නාවික, ගුවන් හමුදා නිලධාරීන් සහ සෙබළුන් 3458ක් සහභාගවී සිටයහ.

සැප් 04 දින නැගෙනහිර වෙරළ තීරයේ කෝකිලායි හිදී ආරම්භ වූ මෙම ක්‍ෂේත්‍ර පුහුණු අභ්‍යාසය එක්සත් ජාතීන්ගේ ක්‍රියාන්විත පටිපාටින්ට අනුකුලව සිදුකරන ලද අතර ඒකාබද්ධ නාවික මෙහෙයුම්, ඒකාබද්ධ රාත්‍රී මෙහෙයුම්, පාමුර සංචාර, සතුරු කඳවුරු තුළට රිංගීම සහ පිටවීම, පිරික්සුම් සහ ආවේශනය, සම්බන්ධවීම, අල්ලා ගැනීම, ඉදිකිරීම් හා කඩා බිද දැමීම්, වැටලීම්, සැඟව සිට පහර දීම, වටලා පහරදීම්, පැරෂුට් මෙහෙයුම්, නාගරික සටන්, දිය යට සිදු කරනු ලබන මෙහෙයුම්, සම්බන්ධීකරණය, අණ පාලනය, නියමිත කාලය තුළ දී ක්‍රියාන්විත සිදු කිරීම්, ගුවන් සහ නාවික ගලවා ගැනීම් මෙහෙයුම්, බුද්ධි තොරතුරු රැස්කිරීම් සහ ආපදා කළමණාකරණ මෙහෙයුම් ඇතුළු මෙහෙයුම් උපක්‍රම සහ ක්‍රියාකාරකම් රැසක් මෙම සමස්ත අභ්‍යාසය පුරා සිදුකරන ලද අතර ඒ පිළිබඳව දැනුම සහ අවබෝධය භට පිරිස් සඳහා ලබාදීම සිදුවිය.

විශේෂ ක්‍රියාන්විත හැකියාවන් වර්ධනය කිරීමත්, සියලු අවස්ථා වලදී යුධ සුදානම පවත්වා ගැනීම, හමුදාවන්හි උසස් ශාරීරික හැකියාවන් පවත්වා ගැනීම, විශේෂ ක්‍රියාන්විත උපායන්, ශිල්පීය ක්‍රම, ක්‍රියාපිළිවෙත් පිළිබඳව මනා අවබෝධයක් භට පිරිස් වෙත ලබාදීමත් මෙම යුධ අභ්‍යාසය සංවිධානය කිරීමේ අරමුණ වේ.මේ අවස්ථාව සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුධ සහ ගුවන් හමුදාපතිවරුන් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානි ඇතුළු ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක්, විශේෂ ආරාධිතයින් සහ මාධ්‍යවේදීන් විශාල පිරිසක් මේ අවස්ථාව සඳහා සහභාග වූහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.