• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

සංහිඳියාව අර්ථවත් වන්නේ කතා කිරීමෙන් නොව ක‍්‍රියාවෙන්

Hon rejinold kure 2017 6 28ශ‍්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ උතුරු පළාතේ පුහුණුව නිමකල වෘත්තීයවේදීන් 717 දෙනෙකුට සහකිතපත‍්‍ර ප‍්‍රධානය කිරීම උතුරු පළාත් ආණ්ඩුකාරවර  රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා යාපනය වීරසිංහම් ශාලාවේදී පැවැත්විණ.


මෙහිදී පුහුණුවලත් වෘත්තීයවේදීන් අතර තොරතුරු තාක්ෂණ ශීල්පීන් 202ක් ද  පරිගණක සැලසුම් ශිල්පය හැදෑරූ 65ක් ද විදුලි කාර්මික ශිල්පීන් 20ක් ද වෑද්දුම් ශිල්පීන් 40ක් ද මෝටර් රථ කාර්මික ශිල්පීන් 35ක් ද ශීතකරණ හා වායුසමීකරණ ශිල්පීන් 30ක් ද යතුරුපැදි අලූත්වැඩියා ශිල්පීන් 50ක් ද ත‍්‍රීරෝද රථ අලූත්වැඩියා ශිල්පීන් 25ක් ද වඩු කාර්මික ශීල්පින් 50ක් ද පෙදරේරු ශිල්පීන් 50ක් ද ඇඳුම් මැසීමේ ශිල්පීන් 75ක් ද රූපලාවන්‍ය ශිල්පීන් 50ක් ද කොණ්ඩා මෝස්තර ශිල්පීන් 25ක් ද  වෘත්තීයවේදීන් ලෙස සහතික පත් ලබා ගන්නා ලදී.


මෙහිදී අදහස් දැක්වූ උතුරු පළාත් ආණ්ඩුකාරවරයා පැවසුවේ, සහතිකලත් සියලු ම දරුදැරියන් අනාගතයේ ස්වයං රැකියාවක් ලෙස තමන් හැදෑරූ ශිල්පය අනුව තමන්ගේ රටට, තමන්ගේ ප‍්‍රදේශයට, තමන්ගේ ගමට බරක් නොවී ජීවත් වීමටත් රටටත් ලෝකයටත් වැඩදායී පුද්ගලයින් ලෙස ජීවත්වීමට කටයුතු කිරීමටත් අදිටන් කරගත යුතු බවයි.  තවදුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා පැවසුවේ, සංහිඳියාව අර්ථවත් වන්නේ කතාවෙන් නොව ක‍්‍රියාවෙන් බව මනාව පැහැදිලි වූ අවස්ථාවක් පසුගිය 25 වනදා උදාවූ බවත්,  දකුණේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා සියක් නමක් උතුරට පැමිණ යාපනය රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන ද්‍රවිඩ ජනතාවට අවශ්‍ය ලේ පරිත්‍යාග කර සංහිඳියාව කතාවෙන් නොව ක‍්‍රියාවෙන් ඔප්පුකර තිබීම ඉමහත් සතුටට කරුණක් බවත් ය.


ජාතීන් අතර සමඟිය ඇතිවන්නේ ක‍්‍රියාවෙන් මිස කතාවෙන් නොවන බවත් අද උතුරටට අවශ්‍යවී ඇත්තේ එවැනි ක‍්‍රියාදාමයක් බවත් උතුරු පළාත් ආණ්ඩුකාරවර  රෙජිනෝල්ඩ් කුරේ මහතා පැවසීය.


මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති ආචාර්ය ලයනල් පිංතෝ මහතා සහ එම අධිකාරියේ උතුරු පළාත නියෝජනය කරන සියලූ ම නිලධාරීන්, උතුරු පළාත් ආණ්ඩුකාරවර ලේකම් එල්. ඉලංගෝවන් මහතා, උතුරු පළාත් ආණ්ඩුකාරවර පෞද්ගලික ලේකම් ජේ.එම් සෝමසිරි මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලන නායකයින් සහභාගි වී සිටියහ. 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.