• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

2018 වර්ෂයට පළමුවන ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේ අයඳුම්පත් භාරගැනීමේ අවසාන දිනය දීර්ඝ කෙරේ

Admissions2017. 62018 වර්ෂයේ රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමට අදාළ අයඳුම්පත් භාර ගන්නා අවසන් දිනය ලබන මස (10) දින දක්වා දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.


2018 වර්ෂය සඳහා රජයේ පාසල්වල පළමුවන ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමට අදාළ අයදුම්පත් භාර ගැනීමේ අවසාන දිනය මේ මස (30) වෙනි දිනෙන් අවසන්වීමට නියමිතව තිබුණ ද එම දිනය කල් දැමීම සම්බන්ධයෙන් පවතින ඉල්ලීම් සලකා බලා මෙම තීරණය ගෙන ඇත. 


කෙසේ වෙතත්, මේ වන විට තම අයඳුම්පත් තැපෑලට යොමු කර නොමැති දෙමාපියන්, තමන් විසින් සහතික කරන ලද අයඳුම්පතෙහි පිටපතක්, අදාළ පාසල් වෙත අතින් භාර දී ඒ සඳහා විදුහල්පති වෙතින් ලිපියක් ලබා ගන්නා ලෙස වැඩි දුරටත් උපදෙස් ලබා දෙන අතර, එසේ, පාසල් වෙත අතින් භාර දෙන ලද අයඳුම්පත් භාර ගැනීමට හා ඒ වෙනුවෙන් ‘ලද බවට’ ලිපියක් නිකුත් කිරිමට කටයුතු කරන ලෙස විදුහල්පතිවරුන්ට  දන්වා ඇති බව එම අමාත්‍යාංශය පවසයි.


තව ද, මේ වන විට තැපෑලට යොමු කර ඇති අයඳුම්පත් යම් හෙයකින්, 2017.06.30 දින පසු වී පාසල් වෙත යොමු වුව ද, එම අයඳුම්පත් ද භාර ගැනීමට විදුහල්පතිවරුන් විසින් කටයුතු කළ යුතු බව ද අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.