• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

යුද්ධ හමුදාධිපති ජෙනරාල් නිළයට උසස් කෙරේ

President Promotes Commander of the Army to the rank of General 2017 6 28ආරක්‍ෂක අමාත්‍ය සේනාධිනායක  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් විසින් යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ඒ ඩබ්ලිව් ජේ. සී. ද සිල්වා මහතා 2017 ජූනි මස 27 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි ජෙනරාල් තනතුරට උසස් කරනු ලැබ ඇත.



ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 21 වන යුද්ධ හමුදාධිපති ලෙස 2015 පෙබරවාරි මස 22 වන දින සිට රාජකාරී හොබවන ක්‍රිෂාන්ත ද සිල්වා මහතා 1980 පෙබරවාරි මස 6 වන දින යුද්ධ හමුදා නිත්‍ය බලසේනාවට කැඩෙට් නිලධාරියෙක් ලෙස එක් වන අතර 1981 ජූලි 18 වන දින 2 වන ලුතිනන්වරයෙක් ලෙස අධිකාරි ලබා 1 වන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය වෙත අනුයුක්තව සිය හමුදා දිවිය ආරම්භ කරයි.

 
පිළිවලින් 1985 දී කපිතන් නිලයටත්, 1989 දී මේජර් නිලයටත්, 1994 දී ලුතිනන් කර්නල් නිලයටත්, 1997 දී කර්නල් නිලයටත්, 2003 දී බ්‍රිගේඩියර් නිලයටත්, 2009 නොවැම්බර් මස 30 වන දින මේජර් ජෙනරාල් නිලයටත් උසස්වීම් ලැබ 2015 පෙබරවාරි මස 22 වන දින යුද්ධ හමුදාධිපති ලෙස ලුතිනන් ජෙනරාල් නිලයට උසස්වීම් ලබයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.