• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ආපදා තත්ත්වයෙන් විපතට පත්වූවන්ට තායිවාන ජනතාවගෙන් ආධාර

Thaiwan aid 2017 6 28මෙරටට පසුගියදා ඇතිවූ ගංවතුර සහ නාය යෑම් තත්ත්වයෙන් අසරණවූ ශ්‍රී ලාංකික ජනතාවට උදව් උපකාර කිරීමට තායිවාන් ජනතාව ඉදිරිපත්ව සිටියි.


ඒ අනුව 
එහි මුල් පියවර ලෙස 36 දෙනකුගෙන් සමන්විත වෛද්‍ය කණ්ඩායමක් ලංකාවට පැමිණි අතර ඔවුන් දින 10ක් පුරා ලංකාවේ රැදීසිටිමින් කොළොන්නාව, රත්නපුර, බලන්ගොඩ, රක්වාන සහ දෙනියාය ප්‍රදේශවල වෛද්‍ය සායන පැවැත්වීය. මෙම වෛද්‍ය සායන වලදී 5000කට වැඩි ජනතාවකට ප්‍රතිකාර කිරීමට මෙම වෛද්‍ය කණ්ඩායමට හැකි විය.


මෙහි දෙවන පියවර ලෙස පාසල් සිසුන් සඳහා අවශ්‍ය පොත්පත් හා පාසල් උපකරණ ලබාදීමටත්, අබාධිතයන් සඳහා රෝදපුටු ලබාදීමටත්, අවතැන්ව සිටින පවුල් සඳහා වියළි අහාර ලබා දීමටත් කටයුතු යොදා ඇති අතර, අසරණ ජනතාව වෙනුවෙන් ඇස්කණ්ණාඩි ලබාදීමටද මෙම වැඩසටහන යටතේ කටයුතු කර ඇත.


මෙම සමාජ සත්කාරක වැඩසටහනේ තවත් අංගයක් යටතේ කුඩා ළමුන් සිටින පවුල් සඳහා මදුරු දැල් සැපයීමද සිදුකරනු ලබයි. එසේම ගංවතුරෙන් විනාශ වූ නිවාස කිහිපයක් අලුත්වැඩියා කර ගැනීමට අවශ්‍ය අධාර ලබාදීම ද මෙම වැඩ සටහන යටතේ සිදුකරනු ලබයි.


ජාත්‍යන්තර සිංහ සමාජ 306 C2 පෙර සිංහාධිපති ලසන්ත ගුණවර්ධන මහතාගේ  සහ ජාතික යොවුන් පාර්ලිමේන්තුවේ හිටපු සභික සතිර සරච්චන්ද්‍ර මහතාගේ යන මහත්වරුන්ගේ ඉල්ලීම පරිදි මෙම සියලු සහන සේවා කටයුතු සැලසීමට තායිවාන ජනතාව ඉදිරිපත්වී සිටියි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.