• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජාත්‍යන්තර සමූපකාර දින සැමරීමට මධ්‍යම පළාතෙන් සමූපකාර සතියක්

international co operative day95 වැනි ජාත්‍යන්තර සමූපකාර දිනය සැමරීම පිණිස මධ්‍යම පළාත් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් සමූපකාර සතියක්  ප්‍රකාශයට පත් කොට ඇත.


මෙම සමූපකාර සතියේ සමාප්ති වැඩසටහන හෙට (29) පෙ.ව. 8.30 ට මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මියගේ සහ මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය හා සමූපකාර විෂයභාර අමාත්‍ය සරත් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර බෝගම්බර ක්‍රීඩාංගනයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.  


සමූපකාර සතිය වැඩසටහන පසුගිය 24 වැනි දින ආරම්භ වූ අතර, සතියක කාලය තුළ මධ්‍යම පළාතේ සියලම සමූපකාර සමිති මට්ටමින් ගෙවතු වගා වැඩසටහන්, සෞඛ්‍ය සායන සහ ඩෙංගු මර්ධන වැනි ප්‍රජා වැඩසටහන් රැසක් පවත්වන ලදී. ඊට අමතව පාසල් සමූපකාර සමිති සංවර්ධන වැඩසටහන්, සමූපකාර ව්‍යාපාරය සවි බල ගැන්වීම ඇතුළු සමූපකාර ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය උදෙසාද වැඩසටහන් රැසක් ගෙවුනු සතිය තුළ ක්‍රියාත්මක විය. 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.