• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මහනුවර එක් ලක්ෂ පනස් තුන්දාහක් නිවාස ප්‍රශ්නයෙන් පිඩා විඳිනවා

Hon sajith premadasaනිවාස ගැටලුවෙන් පීඩාවට පත්ව සිටින එක්ලක්ෂ පනහස් තුන් දහසක පමණ පිරිසක් මහනුවර දිස්ත්‍රික්කය තුළ සිටින බව නිවාස හා ඉදි කිරිම අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.



ඔවුන්ගෙන් සැලකිය යුතු පිරිසක් තාවකාලික සහ පොල් අතු සෙවිලි කළ නිවාස වල වෙසෙන බවත්, තවත් පිරිසක් කපරාදු නොකළ නිවාස සහ අඩක් නිම කළ නිවාසවල වෙසෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දෙන ලදී. ඔවුන්ට අමතරව නිවසක් සාදා ගැනීමට ඉඩමක් නොමැති පිරිසක්ද ඒ අතර සිටින බව පෙන්වා දුන් අමාත්‍යවරයා වත්මන් රජය මගින් ඒ සැමදෙනාගේ බලාපොරොත්තු ඉටු කිරීමට කටයුතු යොදන බවද පෙන්වා දෙන ලදී. 


අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ පසුගියදා මහනුවර තැපැල් ශ්‍රවණාගාරයේ පැවැති  "ගමින් ගමට දොරාන් දොරට සැමට නිවාස විසිරි ණය" යෝජනා ක්‍රමයේ නිවාසලාභින් හට මූල්‍ය චෙක්පත් ප්‍රදානය කිරිමේ  අවස්ථාවේ දීය. ඒ අනුව විසිර නිවාස ණය වැඩසටහන,  උදාකළ ගම්මාන වැඩසටහන සහ වකුගඩු රෝගීන් සඳහා නිවාස වැඩසටහන යන නිවාස ව්‍යාපෘති යටතේ ප්‍රතිලාභීන් 762ක ගේ  පළමු ණය වාරිකය ලෙස රුපියල් මිලියන 106ක් මුදලක් මෙහිදී  සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා විසින් පිරිනමන ලදී.


2015, 2016 හා 17 වසරවල මහනුවර දිස්ත්‍රික්කයේ නිවාස සංවර්ධනය වෙනුවෙන් රුපියල් බිලියන 772 ලබාදී තිබෙන බව පැවසූ අමාත්‍යවරයා පසුගිය රජය වෙන් කළ මුදල හා සැසදීමේදී එය විශාල ඉහළ මට්ටමක් බවද පෙන්වා දෙන ලදී. 


නිවාස ගැටලු ව විසඳිමට පෙර ඉඩම් පිළිබඳ ගැටලු ව විසඳිය යුතු බව පෙන්වා දුන් අමාත්‍යවරයා සෑම ප්‍රා‍දේශීය සම්බන්ධිකරණ කමිටුවක දී ම නිවාස සඳහා ඉඩම් වෙන් කර ගතහොත් 2025 දී සෑම පුද්ගලයෙකුටම නිවාස ලබාදීමේ ඉලක්කයට ලඟ විය හැකි බව අමත්‍යවරයා පැවසීය. 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.