• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

IATA ගෝලීය පුහුණු සහකරුවන්ගේ සමුළුව 2017 උත්සවාකාරයෙන් නිමවෙයි

SriLankan airline news 2017 6 28ලොව විශාලත ම ගුවන් සේවා පුහුණු සංවිධානය වන ජා‍ත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය (IATA) සිය ප්‍රමුඛත ම වාර්ෂික සම්මාන උළෙල වන IATA ගෝලීය පුහුණු සහකරුවන්ගේ සමුළුව 2017 (The IATA Global Training Partner Conference 2017)  ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් සේවා පුහුණූ පාසලේ අනුග්‍රහයෙන් ප්‍රථම වරට පසුගියදා කොළඹ දී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වූහ. 



ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය (IATA) විසින් සෑම වසරක ම සංවිධානය කරනු ලබන මෙම සමුළුව සඳහා මෙවර රටවල් 50ක නියෝජිතයින් 150කට වඩා වැඩි පිරිසක්  සහභාගී වූහ. ගෝලීය ගුවන් ප්‍රවාහන ජාලය ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන කර්මාන්තයක් බවට පත්ව ඇති අතර, ඊට අදාළ ව්‍යාපෘති සහ වැඩසටහන් බොහෝමයක් IATA විසින් සම්බන්ධීකරණය කරනු ලබයි.


මෙම ජාත්‍යන්තර ගුවන් ගෝලීය පුහුණු සහකරුවන්ගේ සමුළුව ලෝකයේ විශාලත ම ගුවන් සේවා පුහුණු සමුළුව වේ. එය ලොව පුරා IATA පුහුණු විශේෂඥයින් විදේශ ගමන් සහ සංචාර, ගුවන් සේවා සහ ගුවන් භාණ්ඩ යන අංශ වල මතුවන ප්‍රවනතා හා විවිධ අවස්ථා පිළිබඳ ව අදහස් හුවමාරු කරගැනීමට වේදිකාවක් සපයනු ලබයි.


ශ්‍රීලංකන් හොලිඩේස්, ශ්‍රී ලංකා ප්‍රදර්ශන සහ සම්මේලන කාර්යාංශය, ලංකා බැංකුව සහ ශ්‍රී ලංකා රක්ෂණ බැංකුව මෙම අවස්ථාවට සම අනුග්‍රහය දක්වන ලදී. රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා මෙම අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූහ. 


ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති  අජිත් ඩයස්  මහතා ද ප්‍රධාන ආරාධිතයකු ලෙස මෙම අවස්ථාවට සම්බන්ධ වූ අතර, එහිදී ප්‍රධාන දේශනය ශ්‍රීලංකන් ගුවන් සමාගමේ කපිතාන් සුරේන් රත්වත්ත මහතා විසින් සිදුකරන ලදී. 


ගෝලීය ගුවන් පුහුණු ප්‍රධාන ප්‍රවණතා ඇතුළත් මාතෘකා රැසක් මෙහිදී සාකච්ඡාවට පාත්‍ර වූ අතර  මැයි 15 වෙනිදා සිට 17 වෙනි දා  දක්වා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී මෙම සම්මන්ත්‍රණය පැවැත්වූහ. 


ඒ අනුව මෙම සමුළුවේ දී ගුවන් සේවා ක්ෂේත්‍රයේ ඉදිරි දැක්ම, ගුවන් සේවා පුහුණු ව පිළිබඳ  සමාජ මාධ්‍ය වගකීම, තාත්වික යථාර්ථය, ගෝලීය  සංචාරක ව්‍යාපාරයේ වෙනස්කම්, IATA ක්‍රියාමාර්ගයන් යනාදිය  පිළිබඳ  සාකච්ඡා කෙරිණ.


මෙම සමුළුවේදී  සම්මාන උළෙලට අමතර ව  රාත්‍රී භෝජන සංග්‍රහයක්ද සංවිධානය කර තිබූ අතර, මීට සහභාගී වූ පිරිස් සඳහා කොළඹ සහ මහනුවර සංචාරය කිරීමට අවස්ථාව  ලැබුණි.  පින්නවල මිලේනියම් අලි පදනම නැරඹීම සඳහා ද චාරිකා සංවිධානය කරන ලදී. 


මේ  අවස්ථාවේ දී  ශ්‍රීලංකන්  ගුවන් සේවා පාසලේ සාමාන්‍යාධිකාරී ප්‍රිමාල් ද සිල්වා මහතා  මෙන්ම ශ්‍රීලංකන් ගුවන් සේවා පාසලේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී බුද්ධික හේවාවසම් යන මහත්වරු  විසින්  පසුගිය වසර පුරාවට ශ්‍රීලංකන් ගුවන් සේවා පාසලේ (www.srilankanaviationcollege.com) මූලිකත්වයෙන්  ශ්‍රී ලංකාව ගුවන් සේවා පුහුණු ගෝලීය මධ්‍යස්ථානයක් බවට පත්වීමේ සීග්‍ර වර්ධනය  පිළිබඳ ව ඉදිරිපත්කිරිම් සිදුකරන ලදී. 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.