• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජනපති මීගමුව දිස්ති‍්‍රක් රෝහලේ නිරීක්ෂණ චාරිකාවක

He news 20176 28ජනාධිපති මෛතීපාල සිරිසේන මැතිතුමා අද (28) පෙරවරුවේ මීගමුව දිස්ත්‍රික් රෝහලේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.


රෝහල් පරිශ‍්‍රයේ රැදීසිටිමින් රෝහලේ කටයුතු සොයා බැලූ ජනාධිපතිතුමා ඩෙංගු විශේෂ ප‍්‍රතිකාර ඒකකය භාර විශේෂඥ වෛද්‍යවරයා සමග ද විශේෂ සාකච්ඡාවක නිරත විය.


මීගමුව සහ අවට ප‍්‍රදේශවල ඩෙංගු රෝගින්ගේ සංඛ්‍යාව ඉහළයාම හේතුවෙන් දැනට රෝහලේ ඩෙංගු වාට්ටු සංකීර්ණයේ තදබදයක් තිබෙන අතර වාට්ටු සංකීර්ණයේ අවශ්‍ය පහසුකම් පුළුල් කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා නිලධාරින්ට උපදෙස් දුන්නේය.


එමෙන්ම රෝහලේ අනෙකුත් සංවර්ධන කටයුතු පිළිබඳව ද සොයා බැලූ ජනාධිපතිතුමා ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමට සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත උපදෙස් දුන් අතර සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පරිබාහිරව පළාත් පාලන ආයතන මගින් සිදුකළ යුතු කාර්යයන් කඩිනමින් ඉටුකරදීම සඳහා තම ඝෘජු මැදිහත්වීම ලබාදෙන බව ද ප‍්‍රකාශ කළේය.


අනතුරුව ඩෙංගු රෝගීන්ගේ වාට්ටු සංකීර්ණය වෙත ගිය ජනාධිපතිතුමා එහි කටයුතු නිරීක්ෂණය කළ අතර රෝගීන් සමග ද කථා බහක නිරත විය.


සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ යන මහත්ම මහත්මින් ඇතුළු ප‍්‍රදේශයේ මහජන නියෝජිතයින් පිරිසක් ද ජනාධිපතිතුමා සමඟ මෙම අවස්ථාවට එක්විය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.