• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ශ‍්‍රී ලාංකිකයින් සඳහා දකුණු කොරියාවේ රැකියා අවස්ථා ඉහළ නැංවීම පිළිබඳ සොයාබලයි

He news 2017 6 29 2ශ්‍රී ලාංකික ශ‍්‍රමිකයින් සඳහා දකුණු කොරියාවේ රැකියා අවස්ථා තවදුරටත් ඉහළ නැංවීම පිළිබඳ දැඩි ඕනෑකමකින් සොයාබලන බව දකුණු කොරියාවේ මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ සභාපති Prof. Park Young-bum මහතා පවසයි.


මෙරටට පැමිණ සිටින දකුණු කොරියාවේ මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ සභාපතිවරයා ඊයේ (28) දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවූ අවස්ථාවේදී මේ බව ප‍්‍රකාශ කළේය.


ශ්‍රි ලාංකික ශ‍්‍රමිකයින් සඳහා දකුණු කොරියාවේ ධීවර හා කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ රැකියා අවස්ථා රැසක් මේ වන විට උදාකරදී තිබෙන අතර ඒ පිළිබඳ එරට රජය වෙත සිය ස්තූතිය පිරිනැමූ ජනාධිපතිතුමා ඉදිරියේදී කෘෂි ක්ෂේත‍්‍රයේ රැකියා අවස්ථා ඉහළ නැංවීම පිළිබඳ සොයා බලන ලෙසද සභාපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.


දැනට ශ්‍රී ලාංකික ශ‍්‍රමිකයින් 6000ක් පමණ වාර්ෂිකව දකුණු කොරියාවේ රැකියා අවස්ථා සඳහා පිටත්ව යන අතර මේ වන විට ශ්‍රී ලාංකිකයින් 26,000ක් පමණ එහි සේවයේ නිරතව සිටී.


දකුණු කොරියාවේ ගොඩනැගිල්ලක පසුගියදා සිදුවූ ගිනි ගැනීමකදී ශ්‍රී ලාංකික තරුණයෙකු තම ජීවිතය පරදුවට තබමින් කොරියානු කාන්තාවකගේ දිවි ගලවා ගැනීමේ සිදුවීම ද මෙහිදී සිහිපත් කළ සභාපතිවරයා ශ්‍රී ලාංකික ශ‍්‍රමිකයින්ගේ දක්ෂතා සහ හැකියාවන් පිළිබඳ දකුණු කොරියාවේ ව්‍යාපාරික ප‍්‍රජාව මෙන්ම ජනතාව ද දැඩි ප‍්‍රසාදයකින් සහ විශ්වාසයකින් කටයුතු කරන බව සඳහන් කළේය.


විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය , ශී‍්‍ර ලංකාවේ දකුණු කොරියානු තානාපති Won-Sam Chang යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
 
 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.