• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

නැණස රූපවාහිනී නාලිකාවට නව අවබෝධතා ගිවිසුමක්

education nenasagroup 2017 06 292005 වර්ෂයේදී නියමු ව්‍යාපෘතියක් ලෙස පාසල් 5ක් යොදා ගනිමින් ආරම්භ කළ නැණස අධ්‍යාපනික රූපවාහිනි නාලිකාව මේ වන විට පාසල් 2250ක් සමඟ නිල සබඳතාවයන් පවත්වා ගනිමින් අධ්‍යාපනික වැඩසටහන් විකාශය කරනු ලබන නිල අධ්‍යාපනික රූපවාහිනි නාලිකාවකි.


අධ්‍යාපන අමාත්‍යාශය සහ  ඩයලොග් ආසියාටා සමාගම සමඟ එක්ව ක්‍රියාත්මක කරනු ලබන නැණස අධ්‍යාපනික රූපවාහිනි නාලිකාව මගින් අ.පො.ස.(සා/පෙළ) 10 සහ 11 ශ්‍රේණි සඳහා විද්‍යාව, ගණිතය, සිංහල භාෂාව හා සාහිත්‍යය, ඉංග්‍රීසි, භූගෝල විද්‍යාව, ඉතිහාසය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, ව්‍යවසායකත්ව අධ්‍යයනය, ව්‍යාපාර හා ගිණුම්කරණය යන විෂයයන් පිළිබඳ එම විෂය නිර්දේශ ආවරණය වන ලෙස සකසන ලද විනාඩි 30 බැගින් වූ පාඩම් ද විෂයානුබද්ධ අතිරේක දැනුම ලබාදෙන වීඩියෝ වැඩසටහන් ද, කාලීන දැනුම්වත් කිරීම් ද ලබා දෙමින් පාසල් ප්‍රජාව ඉලක්ක කර ගත් අධ්‍යාපනික වැඩසටහන් ඩයලොග් රූපවාහිනි නාලිකා අංක 25 හා 26 ඔස්සේ විකාශය කරනු ලැබේ.


අධ්‍යාපන අමාත්‍යාංශය සහ  ඩයලොග් ආසියාටා සමාගම අතර පසුගියදා අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අත්සන් කරන ලද නව අවබෝධතා ගිවිසුම අනුව ඉහත ක්‍රියාත්මක වැඩසටහන් වලට අමතර ව 10/11 ශ්‍රේණි සඳහා දෙමළ මාධ්‍ය නාලිකාව ආරම්භ කිරීම, 12/13 ‍ශ්‍රේණි ඇතුළත් අ.පො.ස.(උ/පෙළ) සඳහා වූ නවනාලිකා ද්විත්වයක් ආරම්භ කිරීම සහ පූර්ණකාලීන අධ්‍යාපනික නාලිකාවක් ලෙස නැණස නාලිකා ශක්තිමත් කිරීම ද ඇතුළත් වේ.


ඩයලොග් ආසියාටා සමාගම විසින් සමාජ සත්කාරක වගකීමක් (Cooperate Social Responsibility) ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක්ව ක්‍රියාත්මක කරනු ලබන මෙම රූපවාහිනී අධ්‍යාපන වැඩසටහන්, පූර්ණ කාලීන අධ්‍යාපනික නාලිකා ලෙස ගුණාත්මක බවින් යුක්තව, වඩා ප්‍රයෝජනවත් ලෙස ගුරු සිසු දෙපිරිස ම වෙනුවෙන් මෙන් ම සමාජය සවිබල ගැන්වීම සඳහා අධ්‍යාපනික වැඩසටහන් ප්‍රචාරය කරනු ලබන මාධ්‍යයක් ලෙස ද පවත්වා ගෙන යාමේ අවශ්‍යතාවය අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා මෙහි දී අවධාරණය කරනු ලැබී ය.


මෙම නව අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම, අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා සහ ඩයලොග් ආසියාටා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි සුපුන් වීරසිංහ මහතා විසින් සිදු කළ අතර, අධ්‍යාපන රාජ්‍ය ලේකම් තිස්ස හේවාවිතාන මහතා, අතිරේක ලේකම් ආචාර්ය මදුරා වේහැල්ල මහත්මිය ඇතුලු අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් සහ ඩයලොග් ආසියාටා ආයතනයේ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුහ. 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.