• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

උතුරු පළාතේ ප‍්‍රධාන අමාත්‍යතුමා ඇතුළු නව අමාත්‍යවරුන් දෙදෙනෙකු දිව්රුම් දෙයි

North news 2017 6 29 2උතුරු පළාතේ ප‍්‍රධාන අමාත්‍ය වශයෙන් කටයුතු කරන සී.වී. විග්නේෂ්වරන් මහතා උතුරු පළාතේ මුදල් හා ක‍්‍රමසම්පාදන, නීතිය හා සාමය, ඉඩම්, විදුලිබල, නිවාස හා ඉදිකිරීම්, සංචාරක, පළාත් පාලන, පළාත් පරිපාලන, කෘෂිකර්ම හා ගොවිජන සේවා, සත්ත්ව පාලන, වාරිමාර්ග, ජලසම්පාදන හා පරිසර අමාත්‍යවරයා වශයෙන්ද


අනන්ති ශෂිධරන් මහත්මිය උතුරු පළාත් කාන්තා කටයුතු, පුනරුත්ථාපන, සමාජ සේවා, සමූපකාර, ආහාර සැපයුම් හා බෙදා හැරීම්, කර්මාන්ත සහ ව්‍යවසාය ප‍්‍රවර්ධන අමාත්‍යවරිය වශයෙන්ද ආචාර්ය කන්දයියා සරවේෂ්වරන් මහතා උතුරු පළාත් අධ්‍යාපනය, ක‍්‍රීඩා සහ යෞවන කටයුතු, සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන් අද සුළු මොහොතකට පෙර උතුරු පළාත් ආණ්ඩුකාරවර රෙජිනෝල්ඩ් කුරේ මහතා ඉදිරියේදී දිව්රුම් දෙන ලදී.


මෙම අවස්ථාව සඳහා උතුරු පළාත් ආණ්ඩුකාරවර ලේකම් එල්. ඉලංගෝවන් මහතා, ආණ්ඩුකාරවර පෞද්ගලික ලේකම් ජේ.එම්. සෝමසිරි මහතා සහ අමාත්‍යවරුන්ගේ දේශපාලන හිතවතුන්, රාජ්‍ය නිලධාරීන් සහභාගි වී සිටියහ.
 
 
 
 
North news 2017 6 29 1
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
North news 2017 6 29 4
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
North news 2017 6 29 3

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.