• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා අත්‍යවශ්‍ය ම සාධකය හෘද සාක්ෂිය

Election2017සර්වජන ඡන්ද බලය සුරක්ෂිත වන දේශයක් ගොඩනැගිය යුතු යැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
 
 
ඔහු මේ බව ප්‍රකාශ කළේ “මැතිවරණ ක්‍රියාවලිය හා ඡන්ද විමසීම් නීතිය”  මැයෙන් රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩමුළුවකට එක්වෙමිනි. මෙම වැඩමළුව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.


එහිදී මහින්ද දේශප්‍රිය මහතා තවදුරටත් පැවසුවේ, රටක මැතිවරණයක් පවත්වන්නේ ප්‍රජාතාන්ත්‍රීය  පාලනයක් සඳහා යි. සාධාරණ මැතිවරණයක් පැවැත්වීම යථාර්ථයක් වීමට නම් හෘද සාක්ෂියට අනුව වැඩකිරීමට සෑම නිලධාරියෙක්ම ක්‍රියා කළයුතුයි. මුදල් වියදම් කිරීමත්, අධිකරණය හමුවේ කරුණු දැක්වීමත් විශාල ගැටලු නොවෙයි. එහෙත් හෘද සාක්ෂියට අනුව ක්‍රියා නොකළහොත් එය නිදහස් හා සාධාරණ මැතිවරණයකට විශාල බලපෑමක් වෙනවා.


රටක ඡන්දයක් පවත්වන විට ඡන්ද අපේක්ෂකයන්ට සහයෝගය පළකිරීම ඡන්ද දායකයන් විසින් ඉටු කරනු ලබනවා. මෙය අපේ රටේ දක්නට ලැබෙන විශේෂත්වයක්. නමුත් ඒ ඡන්ද දායකයන් නිදහස් හා සාධාරණ ඡන්දයක් පැවැත්වීමට අවශ්‍ය පසුබිම සකසන ලෙස දේශපාලන පක්ෂ අපේක්ෂකයන් ගෙන් ඉල්ලා සිටිනවාදැයි කියන්න බැහැ. එවැන්නක් නොවීම නිසා අපේක්ෂකයන් නිදහස් හා සාධාරණ ඡන්දයකට පසුබිම් වන කරුණු ගැන අවදානය යොමු කරන්නේ නැහැ. යැයි ද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පැවසීය.


අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්.එම්. වන්නිනායක හා සහකාර මැතිවරණ කොමසාරිස් අසංක රත්නායක යන මහත්වරුන්ද අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන ප්‍රධානීන් දෙයීයකට අධික සංඛ්‍යාවක් ද මීට සහභාගී වූහ.    
 
 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.