• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ආයෝජන හා අපනයන දිරිගැන්වීමේ සමුළුව අද මඩකලපුවේ දී

investමඩකලපුව දිස්ත්‍රික්කයේ නව ආයෝජන අවස්ථා හඳුනා ගැනීම, අපනයන දිරිගැන්වීම, නව ව්‍යවසායකයන් බිහි කිරීම හා ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබාදීම අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක කරනු ලබන ආයෝජන සමුළුව අද (26)  මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාගේ මඟ පෙන්වීම යටතේ ජාත්‍යන්තර වෙළඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සමුළුව පැවැත්වේ.නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍ය නසීර් අහමඩ් මහතාද සහභාගී වන මෙම ආයෝජන හා අපනයන සමුළුව ජාත්‍යන්තර වෙ‍ළෙඳ රාජ්‍ය අමාත්‍යාංශය හා මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඒකාබද්ධව සංවිධානය කෙරේ.ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, අපනයන සංවර්ධන මණ්ඩලය, ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය සහ ආයෝජන ක්ෂේත්‍රයේ සම්බන්ධීකරණය හා පහසු කරණයට අදාළ රාජ්‍ය ආයතන වල නිලධාරීන්, ආයෝජකයින්, අපනයනකරුවන් සහ ව්‍යවසායකයින් රැසක් මෙම සමුළුවට සහභාගී වීමට නියමිතය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.