• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ඉන්දියානු මහ කොමසාරිස් උතුරු පළාත් ආණ්ඩුකාරවරයා හමුවේ

Indian embassy news20017 6 30ඉන්දීය මහ කොමසාරිස් තරංඡිත් සිං සාන්දු මහතා උතුරු පළාත් ආණ්ඩුකාරවර රෙජිනෝල්ඩ් කුරේ මහතා ව යාපනය ආණ්ඩුකාරවර කාර්යාලයේදී ඊයේ (29) හමුවිය.


එහිදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති මිත‍්‍රත්වය තව තවත් වර්ධනය කර ගැනීමට මෙම සාකච්ඡාව මහත් පිටුවහලක් විය.


එහිදී ඉන්දීය මහ කොමසාරිස්වරයා එරට තුළ ඇති තාක්ෂණික දැනුම ශ‍්‍රී ලංකාවට ලබාදෙන බවත්, ඉදිරියේදී ශ‍්‍රී ලංකාවේ ඇති සුවිශේෂි වූ වෙළඳ ව්‍යාපාර වර්ධනය කර ගැනීමට හැකි වන බවත්, ඒ අතුරින් ධීවර කර්මාන්තයට ප‍්‍රධාන ස්ථානයක් ලබාදීමත්, එම කර්මාන්තය නගා සිටුවීම පිළිබඳවත් ගැඹුරින් සාකච්ඡා කෙරිණ.


උතුර සංවර්ධනය සඳහා පැහැදිලි සැලැස්මක් අවශ්‍ය බව ප‍්‍රකාශ කළ මහ කොමසාරිස්වරයා මධ්‍යම රජය සහ පළාත් සභාව එකතුවී උතුරේ සියලූ ම අංශයන් සංවර්ධනය කිරීම සඳහා සැලැස්මක් නිර්මාණය කරන ලෙසද යෝජනා කෙරිණි. 


දූපත් මානසිකත්වයෙන් මිදී දියුණු ලෝකය හා සම්බන්ධවී කටයුතු කළ යුතු බව ප‍්‍රකාශ කළ මහ කොමසාරිස්වරයා ඉන්දියානු වෙළඳපොළ සමඟ එකතුවී එම වෙළෙඳපොළ සමඟ ගණුදෙනු කිරීම තුළින් ලංකාවට විශාල ශක්තියක් ලබාගත හැකි බවද ප‍්‍රකාශ කළේය.


සූර්ය බල ශක්තිය, පශු සම්පත් කළමණාකරනය, ජල කළමණාකරනය, ආහාර සැකසුම්, කෘෂිකාර්මික කටයුතු හා එයට සම්බන්ධ සියලූ අංශයන් පිළිබඳ ව කරුණු සාකච්ඡා කළ අතර දෙරටේ එකමුතුකම තුළින් වඩාත් හොඳ වෙළඳපළක් සහ විශේෂයෙන් උතුරු පළාතේ ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීමේ වැඩපිළිවෙළක් සකස් කළ හැකි බවද වැඩිදුරටත් ඒ මහතා ප‍ැවසීය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.