• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

විදේශීය වෛද්‍ය අධ්‍යාපනය නිසා වාර්ෂිකව බිලියන 132 ක පිටරටට

Rajitha Senarathneවිදේශීය රටවල වෛද්‍ය අධ්‍යාපනයට යොමුවීමෙන් බිලියන 132 ක මුදලක් වාර්ෂිකව මෙරටින් පිටරටට ගලා යන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීව වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.


අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලද්දේ පසුගියදා කොළඹ දී සුවසේවා පත්වීම් ලිපි ප්‍රදානෝත්සවයකට එක්වෙමිනි. 


"වෛද්‍ය විද්‍යාව හදාරන්න තේරෙන අය සියළු දෙනාම විශ්වවිද්‍යාලවලට ඇතුලක් කර ගන්න බැහැ. සියයට 17 ක් ගන්න පුළුවන්. සියයට 83 කට දොර වැහෙනවා. ඔවුන්ගෙන් සියයට 3 ක් ගන්න වෛද්‍ය විද්‍යාලයක් හදනවා නම් එය වසා නොදමා දියුණු කළ යුතුයි. උසස් අධ්‍යාපනයට ආධාර ලබාදිය  යුතු යැයි ද අමාත්‍යවරයා පැවසීය.


"ලෝකය දිනෙන් දින වෙනස් වෙනවා. එය නොදකින මිනිසුන් පුස්කොළ පොත වගෙයි. දේශප්‍රේමය බොරුවට නිර්වචනය කරනවා. දරුවන්ගේ හෙට දිනය අඳුරු නොකළ යුතුයි. ඊනියා දේශප්‍රේමය ලෙඩක්. අපි ඊනියා දේශපාලනයට විරුද්ධව නොබියව කථා කරනවා. එහෙම කථා නොකර මේ රට බේරා ගන්න බැහැ. නිවැරදි මාවතකට රට ගෙන යා යුතුයි. අපි බය වෙන්නේ නැහැ. හැමෝම බය වුනොත් රට බොරුකාරයින්ගේ දේශයක් බවට පත් වෙනවා. 1956 දී නියපොත්තෙන් කඩා ගැනීමට තිබු අර්බුදය යුද්ධයක් බවට පත් වුණා. බුද්ධිමත් තරුණ පිරිස පොත පත කියවා හොඳින් කටයුතු කරන්න" යැයි ද කීය. 


සෞඛ්‍ය සේවාවේ නව පත්වීම්ලාභීන්ගේ මොළය වෙනස් කිරීමට සමහ පුද්ගලයන් විසින් කටයුතු කරමින් පවතින අතර ම සමාජවාදය පිළිබඳ ව ශබ්ද නගා ගෙන පැමිණිය ද මාක්ස්ගේ සමාජවාදය එය නොවන බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි. 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.