• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ගංවතුරෙන් හානි වූ කුඹුරු සඳහා වන්දි

fady filedපසුගිය දිනවල ඇති වු ගංවතුර තත්ත්වය නිසා හානි වු කුඹුරු ඉඩම්  සඳහා වන්දි ලබාදීමට කෘෂි රක්ෂණ මණ්ඩලය තීරණය කර තිබෙන අතර  රක්ෂණය කරන ලද හා නොකරන ලද මෙන් ම හානි වු ඕනෑම කුඹරු ඉඩමක් සඳහා  මෙමගින් රක්ෂණ ආවරණය හිමිවේ.


අක්කරයකට රුපියල් 10,000 ක උපරිමයකට යටත්ව මෙම වන්දි මුදල් පිරිනැමේ.


කළුතර දිස්ත්‍රික්කයේ හානි වු කුඹුරු හිමියන් පිළිබඳ විස්තර මේ දිනවල එක්රැස් කරමින් පවතින බව කෘෂි රක්ෂණ මණ්ඩලයේ කළුතර දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්‍යක්ෂක නන්දලාල් පෙරේරා මහතා පවසයි.


බස්නාහිර පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ  සංඛ්‍යාලේඛනවලට අනුව කළුතර දිස්ත්‍රික්කයේ කුඹුරු අක්කර 1400ක් පමණ ගංවතුර නිසා විනාශ වී ඇත.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.