• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

6 වන ලෝක ඉදිකිරීම් සමුළුව කොළඹ දී ආරම්භ වේ

world construction6 වන ලෝක ඉදිකිරීම් සමුළුව ඊයේ (30) කොළඹ, ගලධාරි හෝටලයේදී ආරම්භ වූ අතර, එය  හෙට (02) අවසන් වේ.


ඊයේ මෙහි සමාරම්භක අවස්ථාවට  ප්‍රධාන ආරාධිතයා වශයෙන් නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා සහභාගී විය. 


‘What's New and What's Next in the Built - Environment sustainability Agenda?’. යන්න මෙවර මෙහි තේමාව වේ.


මෙවර මෙම සමුළුව  මොරටුව විශ්විද්‍යාලයේ ගොඩනැඟිලි ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තුව සහ  ගොඩනැගිලි ආර්ථික විද්‍යා කළමනාකරණ හා පර්යේෂණ ඒකකය එක්ව සංවිධානය කරයි.


තිරසාර ඉදි කළ පරිසරයක් නිර්මාණය කිරීම පිළිබඳ තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා ලොව පුරා තිරසාර ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පර්යේෂකයන් සහ වෘත්තිකයින් සඳහා‍ මෙවර මෙම සමුළුවේදී  විශේෂ වේදිකාවක් සපයනු ලැබේ. 


ඉදිකිරීම් ක්ෂේත්‍ර‍ය හා සම්බන්ධ විදේශීය නියෝජිතයින් 100 කට අධික සංඛ්‍යාවක් සහ දේශීය නියෝජිතයින් 200 කට අධික පිරිසක් මෙම සමුළුවට සහභාගී වේ.
 
මීට සමඟාමී ව පැවැත්වෙන CIOB Green Mark Building Awards අද (01) පස්වරුවේ කොළඹ රාමඩා හෝටලයේ දී පැවැත්වේ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.