• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

කෘෂිකර්මය වෙනුවෙන් ගිවිසුමක් අත්සන් කෙරේ

Aguriculture news 2017 7 2කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර හවුල්කාරිත්ව වැඩසටහන (SAP) ක්‍රියාත්මක කිරීමට අදාළ මූල්‍ය ගිවිසුම පසුගියදා ශ්‍රී ලංකා රජය හා කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වු ජාත්‍යන්තර අරමුදල (IFAD) අතර අත්සන් තැබිණි.

 



ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා සහ කෘෂිකාර්මික  සංවර්ධනය සඳහා වු ජාත්‍යන්තර අරමුදල වෙනුවෙන් එහි සභාපති ගිල්බට් එෆ්. හොන්බො මහතා ඇ.ඩො. මිලියන 33.7ක මූල්‍ය ගිවිසුම වෙනුවෙන් පසුගියදාන ඉතාලියේ රෝම නගරයේ දී සිදු කෙරිණි.‍


මෙම
 වැඩසටහන රාජ්‍ය, පෞද්ගලික හා ජනතා සහයෝගීතාව පදනම් කොටගෙන නිර්මාණය වූවකි. සුළු ගොවීන්ගේ ආදායම ඉහළ නැංවීම, රැකියා අවස්ථා උදා කරලීම හා ග්‍රාමීය ප්‍රදේශ වල ගෘහස්ථ පෝෂණ මට්ටම ඉහළ නැංවීමට උපකාර වන පරිදි කෘෂි නිෂ්පාදන සැකසීම, බෙදාහැරීම හා වෙළද‍පොල යනාදියෙන් සමන්විත ව සුළු ගොවීන් සඳහා කෘෂි ව්‍යාපාර අගය දාම සංවර්ධනය කිරීමට මෙහි දී සැලසුම් කොට ඇත.


ජීවනෝපාය සංවර්ධනය හා ව්‍යාපාර අවස්ථා පුලුල් කිරීම තුළින් ග්‍රාමීය දිළිදු පවුල් 57,500 ක් සඳහා ආර්ථික හා ආහාර සුරක්ෂිතතාව ඉහළ නැංවීමට මෙම වැඩසටහන හරහා අවකාශ සලසනු ඇත. කාන්තා හා තරුණ පිරිස් සඳහා පෞද්ගලික හා එක් එක් පුද්ගලයින් සහ පෞද්ගලික අංශය අතර අන්‍යෝන්‍ය සහයෝගීතාව නැංවීමට උපකාරී වන මූල්‍ය හා ව්‍යාපාර පුහුණු කිරීම් සඳහා ද මෙමඟින් පහසුකම් සැලසේ.


මූල්‍ය ආයතන, පෞද්ගලික අංශය, ප්‍රතිලාභින් හා රජයේ සහයෝගීතාවය සහ කෘෂිකාර්මික  සංවර්ධනය සඳහා වු ජාත්‍යන්තර අරමුදලේ ඇ.ඩො. මිලියන 33.7ක මූල්‍ය දායකත්වය ඇති ව වසර 06 ක් පුරා ක්‍රියාත්මක වන මෙම වැඩසටහන සඳහා වූ  මුළු ඇස්තමේන්තු ගත මුදල ඇ.ඩො. මිලියන 105 (ශ්‍රී ලංකා රුපියල් බිලියන 17) කි.


මෙම වැඩසටහන ජාතික මට්ටමෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ඉහළ කෘෂි නිෂ්පාදනයක් සඳහා විභවතාවයක් ඇති සහ අඩු ආදායම් සහිත දිස්ත්‍රික්ක වල ග්‍රාමීය දිළිදු පවුල් සඳහා ප්‍රමුඛතාව ලබා දෙයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.