• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

අපදාවට ලක්වූ වැවිලි ප්‍රජාවට අමාත්‍ය පලිනි තිගාම්බරම්ගෙන් කඩිනම් නිවාස

degambaramආපදාවට ලක්වූ වැවිලි ප්‍රජාව වෙනුවෙන් කඩිනම් නිවාස ලබා දීමේ හා යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘති රැසක් කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය  පලනි තිගාම්බරම් මහතාගේ උපදෙස් පරිදි ආරම්භ කර ඇත.


ඒ අනුව පසුගිය දිනවල මෙරට පතිත වූ අධික වර්ෂාපතනයත් සමඟ නායා යෑම්, ජලගැලීම් හේතුවෙන් රත්නපුර, ගාල්ල, මාතර, කෑගල්ල, නුවරඑළිය, බදුල්ල, කළුතර යන දිස්ත්‍රික්වල නිවාස අහිමි වූ පවුල් සඳහා නිවාස 411ක් ලබාදීමට අමාත්‍යවරයා පියවර ගත්තේය. තම අමාත්‍යාංශ ප්‍රතිපාදන යටතේ ලක්ෂ 10ක පිරිවැයැක් වියදම්කර පර්චස් 7ක නිරවුල් ඔප්පු සහිත භූමියක වර්ග අඩි 550ක මනරම් නිවසක් මේ අනුව ඉදිකිරීමට නියමිතයි. ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්ක සඳහා නිවාස 221ක්ද, රත්නපුර දිස්ත්‍රික්කය සඳහා නිවාස 120ක්ද, නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කය සඳහා නිවාස 31 බැඟින්ද, කෑගල්ල දිස්ත්‍රික්කය සඳහා නිවාස 8ක්ද, මේ අනුව ඉදිරිකිරීමට නියමිත ව තිබේ.


විශේෂයෙන්ම පසුගියදා ඇදහැළුනු සුළු කුණාටු සහිත වර්ෂාපතනය හේතුවෙන් ලැයිම් කාමර නිවාසවල වහල සෙවිලි කර තිබූ සෙවිලි තහඩු ගැලවී ගොස් තිබිණි. ඒවා නිරීක්ෂණය කළ  අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ කඩිනමින් එම ජනතාව වෙත සෙවිලි තහඩු ලබා දෙන ලෙසයි. ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයට සෙවිලි තහඩු 1140ක්, ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලට සෙවිලි තහඩු 1701ක්, කෑගල්ල දිස්ත්‍රික්කයට සෙවිලි තහඩු 184ක් සහ නුවරඑළිය දිස්ත්‍රික්කයට සෙවිලි තහඩු 75ක් ලබා දුන් අතර ඒවා මේ වන විට අදාළ ජනතාව වෙත බෙදාදීම සිදුකෙරේ. එමෙන්ම ළමා සංවර්ධන මධ්‍යස්ථානවල ගැලවී ගොස් ඇති වහල පිරිසකර කිරීම සඳහා ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලට සෙවිලි තහඩු 68ක්ද, කෑගල්ල දිස්ත්‍රික්කය සඳහා සෙවිලි තහඩු 35ක්ද ලබා දී ඇත.


ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලට නව වැසිකිළි 55 ක් ඉදිකිරීමට ප්‍රතිපාදනද, ජල ව්‍යාපෘති 4ක් ක්‍රියාත්මක කිරීමට ප්‍රතිපාදන වෙන්කර තිබේ. එමෙන්ම මෙම දිස්ත්‍රික්ක සඳහා වතුර ටැංකි 18 ක් බෙදා දී අවසන්ය. අලාභ හානි සිදුව ඇති ළමා සංවර්ධන මධ්‍යස්ථාන 4ක්ද මේ යටතේ පිළිසකර කිරීමට නියමිතයි.


දිවයිනට බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් වැවිලි ප්‍රජාවට ක්ෂණික ව ගතයුතු ක්‍රියාමාර්ගයන් ගැනීමටද කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය ගරු පලනි තිගාම්බරම් මහතා පියවර ගනු ලැබුවේ අදාළ ස්ථාන නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.