• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

පසුගිය මාස 07 තුළ එජන්සි ආයතන 67ක් අසාදු ලේඛනයට

Hon Thalataathukorale2017 ජනවාරි 01 දින සිට 2017  ජූලි මාසයේ 03 වන දින දක්වා විදේශ රැකියා නියෝජිතායතන 67ක් අසාදු ලේඛන ගත කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබේ.



ඒ අනුව 2016 වසරේ අසාදු ලේඛන ගත කරන ලද විදේශ රැකියා නියෝජිතායතන ප‍්‍රමාණය 61 කි. 


මෙසේ ඒජන්සි ආයතන අසාදු ලේඛන ගත කිරීමට හේතු ලෙස කාර්යාංශයේ සමථ අංශයෙන් ඉදිරිපත් වන පැමිණිලි විසඳීම සඳහා ප‍්‍රමාණවත් සහයක් නොදැක්වීම, කාර්යාංශයේ ලියාපදිංචි නොකර අයතා ක‍්‍රම මගින් පුද්ගලයින් විදේශ ගත කිරීම, ව්‍යාජ ලේඛන කාර්යාංශයට ඉදිරිපත් කිරීම, විදේශ ගත කිරීමට නියමිත පුද්ගලයින්ට මූල්‍ය වංචා කිරීම හා පිටරට රැකියා නියෝජිතායතන වෙතින් කොමිස් මුදල් ලබාගෙන ශ‍්‍රමිකයින් එරටට ලබා නොදීම වැනි කරුණු හේතු වී තිබේ. 


කාර්යාංශය එවන් අවස්ථාවන් හදී, එම ආයතනයන් සඳහා අදාළ පැමිණිල්ල විසඳන තෙක් තාවකාලිකව අසාදු ලේඛන ගත කිරීම, අදාළ වංචනික නියෝජිතායතන මගින් ඔවුන්ගේ මුදල් නැවත ලබාගැනීමට කටයුතු කිරීම, රැකියා ඇණවුම් තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කිරීම හා නීති අංශය මගින් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම වැනි පියවර අනුගමනය කරනු ලබයි.


මේ වන විට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි රැකියා නියෝජිත ආයතන ගණන 702 කි. ඒ අතරින් කොළඹ දිස්ත්‍රික්කයේ ලියාපදිංචි රැකියා නියෝජිත ආයතන 355ක පවතී. කුරුණෑගල දිස්ත්‍රික්කයේ එය 130 කි. නුවර දිස්ත්‍රික්කයේ ලියාපදිංචි රැකියා නියෝජිත ආයතන 44ක් වන අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ ලියාපදිංචි රැකියා නියෝජිත ආයතන 25ක් වේ.


විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළේ, මේ වන විට ඇතැම් ආයතන කුඩා දරුවන් සිටින මව්වරුන් පවා කූට ලේඛන උපයෝගි කරගනිමින් විදේශ ගතකිරිමට උත්සහ ගන්නා බවත් ඔවුන්ගේ වංචනික ක්‍රියා සඳහා දැඩි දඩුවම් ලබාදීමට කටයුතු කරන බවත්, රැකියා නියෝජිතායතන විදෙස් ගත වන ශ‍්‍රමිකයින් පිළිබඳ ව සිය වගකීම පැහැර හරින්නේ නම්, ඒ පිළිබඳ ව ද දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත්ය. 


එසේම අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළේ, මෙසේ නීත්‍යාණුකූල නොවන පරිදි කටයුතු කරන ඇතැම් නියෝජිත ආයතන හේතුවෙන් නිීත්‍යානුකූලව කටයුතු කරන රැකියා නියෝජිත ආයතන වලටද බාධාවක් වන බවත්, විදේශ රැකියා ක්ශේත‍්‍රයට ගෞරවනීය තත්ත්වයක් ලබා දීමට තමන් උත්සාහ ගන්නා අතර ම විදේශ ගත ශ‍්‍රමිකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් උපරිමයෙන් කටයුතු කරන බවත්ය.
 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.