• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් දහසකට ලිට්රෝ වෙතින් ගෑස් ලිප් සහ සිලින්ඩර්

He news 2017 3 7කළුතර දිස්ත්‍රික්කයේ මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගංවතුරෙන් පීඩාවට පත් පවුල් දහසක් සදහා ගෑස් ලිප් සහ සිලින්ඩර් ලබාදීමට ලිට්රෝ ගෑස් ලංකා සමාගම කටයුතු කර තිබේ.


එය සංකේතවත් කරමින් දස දෙනෙකු වෙත එම ගෑස් ලිප් සහ සිලින්ඩර් ප්‍රදානය කිරීම අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිදු විය.


ගෑස් ලිපකින්, සිලින්ඩරයකින් සහ රෙගියුලේටරයකින් සමන්විත මෙම එක් කට්ටලයක වටිනාකම රුපියල් පන්දහසකට අධිකය.


පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක, ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති ශලිල මුණසිංහ, අධ්‍යක්ෂ චමින්ද එදිරිවික්‍රම, මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් සමන්තිකා ලියනගේ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.