• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජපන් නියෝජිත පිරිස හා මුදල් ඇමැති සාකච්ඡා

Finance minister 2017 7 4ජපාන වෙළඳ හා කර්මාන්ත මණ්ඩල නියෝජිත පිරිස සහ  මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා හමු වී ශ්‍රී ලංකාවේ ආයෝජන හා වෙළඳ කටයුතු වඩාත් පහසුකිරීමේ විධිමත් ක්‍රමවේදයන් පිළිබඳ සාකච්ඡා කළහ.


මෙම සාකච්ඡාව ඊයේ (03) මුදල් අමාත්‍යංශයේ දී සිදු විය.


ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන විදේශ ආයෝජකයන්ට බලපාන බදු ප්‍රතිපත්ති පිළිබඳව ඔවුන් මෙහිදී සිය අදහස් අමාත්‍යවරයාගේ අවධානයට යොමු කළහ. 


 
ආයෝජකයන් විසින් නිෂ්පාදන භාණ්ඩ අපනයනය කිරීමේ දී මිල ගණන් පිළිබඳ පූර්ව ගිවිසුම්ගත වීම් ඇති නිසා, බදු ප්‍රතිපත්තිවල ක්ෂණික වෙනස්කම් සිදුකිරීම හේතුවෙන් භාණ්ඩ අපනයනයේ දී අහිතකර බලපෑම් ඇති වීමට ඉඩ ඇති බව ඔවුන් මෙහිදී පැවසූහ.


එම නිසා බදු සංශෝධන ක්‍රියාත්මක කිරීමට අවම වශයෙන් මාස හයකට පෙර ආයෝජකයින්ට දැනුම් දීමට කටයුතු කරන ලෙස ද ඔවුන් වැඩිඳුරටත් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය. 



අපනයනය පාදක කරගත් ආර්ථිකයක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කරන බැවින් ආයෝජකයන්ට හා අපනයනකරුවන්ට වඩාත් හිතකර බදු ප්‍රතිශෝධන ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කරන බව  මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා මෙහි දී ප්‍රකාශ කළේය. 
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනිචි සුගනූර් මහතාගේ මූලිකත්වයෙන් යුත් ජපාන වෙළඳ හා කර්මාන්ත මණ්ඩල නියෝජිතයන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් ආර්.එච්.එස්. සමරතුංග මහතා සමඟ අමාත්‍යාංශ නිලධාරීන් ද සහභාගි වූහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.