• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප ආපදාවට පත් ජනතාව වෙනුවෙන්

He news 2017 7 5 1පාර්ලිමේන්තුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු තම එක් මසක වැටුප අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන්  ලබාදීම සඳහා ඊයේ (04) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත ලබා දුන්නේය.


ඊට අදාළ චෙක්පත අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ජනාධිපතිතුමා වෙත ප්‍රදානය කෙරිණි.


අනතුරුව එම චෙක්පත ජනාධිපතිතුමා විසින් ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා වෙත බාරදෙනු ලැබීය.


මේ අවස්ථාවට නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද සමරසිංහ, සරත් අමුණුගම යන අමාත්‍යවරුන් එක්ව සිටියහ.
 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.