• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

අඩු ආදායම්ලාභී දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය ජනපති අතින්

He news 2017 7 5අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ  වැඩසටහනක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) පස්වරුවේ ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි.


දිනේෂ් වීරක්කොඩි පදනමේ අනුග්‍රහයෙන් අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් 500 දෙනෙකු වෙනුවෙන් මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරිණි. 


එය සංකේතවත් කරමින් සිසුන් කිහිප දෙනෙකු වෙත ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම ජනාධිපතිතුමා අතින් සිදු විය. 


මහා සංඝරත්නය ද, කතෝලික පියතුමන් ද, කන්‍යා සොහොයුරියන් ද අමාත්‍ය ජෝන් අමරතුංග මහතා සහ දිනේෂ් වීරක්කොඩි මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.