• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

වීදී ආහාර නිෂ්පාදනය විධිමත් කිරීමට විශේෂ වැඩපිළිවෙළක්

foods contriole2017 7 5වීදී ආහාර නිෂ්පාදනය විධිමත් කිරීම තුළින් ආර්ථිකය සවිබල ගැන්වීම සහ සෞඛ්‍යය සම්පන්න දේශීය ආහාර ජනතාව අතර ප්‍රචලිත කිරීමේ අරමුණින් කෘෂිකර්ම අමාත්‍යාංශය, ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය සහ ගොවි භාරකාර අරමුදල ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සමඟ එක්ව අවබෝධතා ගිවිසුමට අත්සන් කොට ඇත.



අවබෝධතා ගිවිසුමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් බී. විජයරත්න මහතා ගොවි භාරකාර අරමුදලේ සභාපති වශයෙන් ද, ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපති ධම්මික පීරිස් මහතා ද, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව වෙනුවෙන් එහි සාමාන්‍යාධිකාරී ඒ.ටී. ආරියපාල මහතා ද අත්සන් කොට ඇත.


වත්මන් තත්ත්වය අනුව පාරිභෝගිකයන් අතර වීදි ආහාර ජනප්‍රිය වී ඇත. එපමණක් නොව වීදි ආහාර නිෂ්පාදකයන් ද විශාල වශයෙන් බිහිවෙමින් පවතින පසුබිමක් නිර්මාණය වීමට හේතු වී ඇත්තේ නිෂ්පාදන වියදම අවම වීමෙන් ඉහළ ලාභයක් ලබාගත හැකිවීමයි. වීදි ආහාර සඳහා පාරිභෝගික ආකර්ෂණය ඉහළ ගිය ද සෞඛ්‍යාරක්ෂිත අතින් වීදි ආහාරවල යම් අවදානමක් පවතින බව පිළිගත යුතු ය.


මෙම කරුණු සැළකිල්ලට ගනිමින් දේශීය සෞඛ්‍යාරක්ෂිත ආහාර වර්ග ප්‍රචලිත කරමින්, ගුණාත්මක ලෙස ආහාර පිළියෙල කිරීමට අවශ්‍ය තාක්ෂණික දැනුම සහ මඟපෙන්වීම ලබා දෙමින් සීඝ්‍රයෙන් ඉහළ යන වීදි ආහාර කරත්ත සහ ආහාර සැකසුම් හල් වෙනුවට නිසි ප්‍රමිතියට සකස් කරන ලද නව තාවකාලික ආහාර නිෂ්පාදන ස්ථානයක් පහසු ගෙවීමේ ක්‍රමයක් ඔස්සේ ලබා දීම මඟින් නව රැකියා අවස්ථාවන් බිහි කිරීමේ ක්‍රමවේදයක් මෙම ව්‍යාපෘතියෙන් හඳුන්වා දෙයි. ආර්ථිකය සවිබල ගැන්වීම සහ සෞඛ්‍යය සම්පන්න දේශීය ආහාර ජනතාව අතර ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතියට අදාළ නියමු ව්‍යාපෘතිය අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ආරම්භ වේ. 


මෙහිදී දේශීය ආහාර වර්ග පමණක් නිෂ්පාදනය සහ අළෙවියට අවස්ථාව ලබාදෙන අතර ආරම්භයේ දී නිෂ්පාදකයන්ට අවශ්‍ය දැනුම නොමිලේ ලබාදීම මාසිකව නිරීක්ෂණය කර අවශ්‍ය වැඩිදියුණු කිරීම් සිදුකිරීමත් ඊට සමගාමීව ශ්‍රේණිගත කිරීමකට ලක්කරමින් විධිමත් ක්‍රමවේදයක් යටතේ නව රැකියා අවස්ථා ඇති කරයි.


මෙම නව ආහාර නිෂ්පාදනාගාර සඳහා ප්‍රාදේශීය සංවර්ධන බැංකුව මඟින් පොළී සහිත ණය මුදලක් ලබා දෙන අතර මාසිකව හෝ සතිපතා ණය ගෙවීමේ අවස්ථාව හිමි වේ. ඊට අමතරව කෘෂි රක්ෂණ මණ්ඩලය මඟින් නොමිලයේ රක්ෂණ ක්‍රමයක් ද ලබාදෙයි. මෙහි නියමු ව්‍යාපෘතිය අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කර දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර මූලික අදියර ලෙස වීදි ආහාර නිෂ්පාදන කරත්ත 100 ක් ලබාදීමට සැලසුම් කර ඇත. 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.