• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජාන තාක්ෂණයෙන් රෝගී සත්කාර සේවා ඇරඹීම පිළිබඳ වාර්තාවක්

healthජාන තාක්ෂණයෙන් රෝගීන්ට ප්‍රතිකාර කළ හැකි ආකාරය පිළිබඳ වාර්තාවක් දෙසතියක් තුළ සකස් කර ලබාදෙන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අමාත්‍යාංශ නිලධාරීන්ට නියෝග කර ඇත.


ඇමරිකා එක්සත් ජනපදයේ ක්‍රියාත්මක ජාන තාක්ෂණයෙන් රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා තීරණය කර ඇත. ඒ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි. 


මෙම ප්‍රතිකාර ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා වෙනම ඒකකයක් ස්ථාපිත කිරීමට ද නියමිතය. මෙම ප්‍රතිකාර ක්‍රමය පිළිබඳ පුහුණුව ලැබූ වෛද්‍යවරු 11 ක් ශ්‍රී ලංකාවේ සිටින අතර, ඔවුන්ගෙන් දෙදෙනෙකු විදේශ ගත වී තිබේ. සෙසු වෛද්‍යවරු මෙම සාකච්ඡාවට පැමිණ සිටි අතර, මෙම ප්‍රතිකාර ක්‍රමය ක්‍රියාත්මක කිරීමට පුර්ණ සහයෝගය ලබාදෙන බව එම වෛද්‍යවරුන් සෞඛ්‍ය අමාත්‍යවරයාට පොරොන්දු වුහ. 



මෙම ප්‍රතිකාර ක්‍රමයේ දී රෝගය ඇතිවීමට බලපාන සෛලවලට සහ වෛරසවලට ප්‍රතිකාර කරනු ලබයි. මෙම වෛද්‍යවරුන් සඳහා ඇමරිකාවේ බෙීලර්, රයිස් සහ හුස්ටන් යන විශ්වෙවිද්‍යාලවල පුහුණුවක් ලබාදීමට ද නියමිතය. මෙම ප්‍රතිකාර ක්‍රමය එම විශ්‍ෙවිද්‍යාලවල දැනට භාවිතා කරනු ලබයි. පිළිකා ඇතුලු රෝග රැසකට ජාන තාක්ෂණයෙන් ප්‍රතිකාර කළ හැකි බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි. 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.