• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මල්වතු ඔය ජලාශ ව්‍යාපෘතියේ ඉදිකිරීම් ඇරඹීමට සියල්ල සූදානම්

malwathu oya2017මල්වතු ඔය ජලාශ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු මේ වසර අගදී ආරම්භ කිරීමට සියල්ල සූදානම් බව වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි. 


මේ වසරේදී එම ව්‍යාපෘතියේ ඉදිකිරීම් වෙනුවෙන් රුපියල් මිලියන 300ක මුදලක් වැය කිරීමට නියමිත බවයි ඔහු පෙන්වා දෙන්නේ. රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ප‍්‍රමුඛ නිලධාරීන් පිරිසක් සමඟ අමාත්‍යංශයේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. 


මේ අතර මල්වතුඔය ව්‍යාපාරයේ ඉදිකිරීම් සිදු කිරීමට සැලසුම් කර ඇති ආකාරය හා එහි දී ඇති විය  හැකි ගැටලු  පිළිබඳ විමසා බැලීමටද නියමිතයි. ඒ වෙනුවෙන් රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා ඇතුළු අමාත්‍යංශ හා වාරිමාර්ග නිලධාරීන් ලබන 10 සහ 11 යන දෙදින තුළ ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක ප‍්‍රදේශවල නිරීක්‍ෂණයක් සිදු කිරීමට නියමිතයි.


මල්වතුඔය ජලාශ ව්‍යාපෘතියේ ඉදිකිරීම් 2020 වසර වන අවසන් කිරීම රජයේ අපේක්‍ෂාවයි. එහි රැස් කිරීමට අපේක්‍ෂිත ජල ධාරිතාව අක්කර අඩි එක්ලක්‍ෂ හැට හය දහස් හාරසිය දහසයකි.(166416). කුඹුරු අක්කර 36 000 ට යල මහ දෙකන්නෙහිම ජලය සැපයීමත් නව වගා බිම් අක්කර 2000ක් ඇති කිරීමත් මෙහි මූලික අරමුණු අතර වෙයි. අනුරාධපුරය, වව්නියාව හා ති‍්‍රකුණාමලය යන දිස්ති‍්‍රක්ක එකට යා කෙරෙමින් ඉදි කිරීමට සැලසුම් කර ඇති මෙම ව්‍යාපෘතියේ තවත් අරමුණක් වන්නේ ප‍්‍රදේශ ගණනාවක නිරන්තරයෙන් ඇති වන ගංවතුර තත්ත්වයන්ට ස්ථිරසාර විසදුම් ලබා දීමයි. එමෙන් ම ව්‍යාපෘතියට සමඟාමී ව ජල විදුලි බලාගාරයක් ඉදි කෙරෙන අතර එමගින් ගිගාවොට් 400ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට එක් කිරීමට අපේක්‍ෂා කෙරේ.


මත්වතුඔය ව්‍යාපාරයෙන් ලැබෙන තවත් ප‍්‍රතිලාභයක් වන්නේ පිරිසිදු පානීය ජලය සැපයීමයි. 


වකුගඩු උවදුර පැතිර යන රජරට ඇතුළු ප‍්‍රදේශ ගණනාවකට මේ යටතේ පිරිසිදු පානීය ජලය ලබා දීමට බලාපොරොත්තු වන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාරි ඉංජිනේරුවන් සඳහන් කළේ.  ව්‍යාපෘතියට සමඟාමී ව ප‍්‍රදේශ රැසක මාර්ග පද්ධතිය ඉතා දියුණු මාර්ග පද්ධතියක් බවට පත්කෙරෙන අතර තන්තිරිමලේ ප‍්‍රදේශයේ අංග සම්පූර්ණ නගරයක් ඉදි කිරීමටද නියමිතයි. මෙම ව්‍යාපෘතියට අදාළ වැව් බැම්ම ඉදි කිරීමේ කටයුතු ලබන වසර මුලදී ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර ඒ වෙනුවෙන් ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් මිලියන 12 300 කි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.