• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

කතරගම පුදබිමේ නව දෙමහල් දාන ශාලාව විවෘත කෙරේ

He news 2017 7 10කතරගම ශ්‍රී තෛවයානෛ අම්මාන් දේවස්ථානයේ අලූතින් ඉදිකරන ලද ”අනදානම් මණ්ඩපම්” ශාලාව ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (09) පෙරවරුවේ විවෘත කෙරිණි.


පෙරහැර සමයේ කතරගම පුදබිම වෙත පැමිණෙන බැතිමතුන්ට දානය පිළිගැන්වීම සඳහා ඉදිකර තිබූ වසර 100ක් පමණ පැරණි ශාලාව වෙනුවට මෙම නව දෙමහල් ශාලාව ඉදිකර තිබෙන අතර එකවර බැතිමතුන් දහසකට පමණ දානය පිළිගැන්විය හැකි පහසුකම් සහිතව එය ඉදිකර තිබේ.


කතරගම ශ්‍රී තෛවයානෛ අම්මාන් දේවස්ථානයේ දායක සභාවේ සහ දානපතීන්ගේ පරිත්‍යාගයෙන් ඉදිකර තිඛෙන මෙම නව ගොඩනැගිල්ල සඳහා වැය කර ඇති මුදල රුපියල් කෝටි 18 කි.


ඊයේ පෙරවරුවේ කතරගම පුද බිම වෙත ගිය ජනාධිපතිතුමා පළමු ව ඓතිහාසික කිරි වෙහෙර සමිදුන් අභියස ආගමික වතාවත්වල නිරත ව ආශිර්වාද ලබා ගත් අතර අනතුරුව සමරු ඵලකය නිරාවරණය කර නව දාන ශාලාව විවෘත කරනු ලැබීය.


කතරගම ශ්‍රී තෛවයානෛ අම්මාන් දේවස්ථානයේ දායක සභාවේ සභාපති අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතා ද අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.