• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ග්‍රාම නිලධාරීන් වෙත ටැබ් පරිගණක යන්ත්‍ර ලබාදීමේ වැඩසටහනක් ජනපති ප්‍රධානත්වයෙන්

He news 2017 7 11පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරීන් වෙත ටැබ් පරිගණක යන්ත්‍ර ලබාදීමේ වැඩසටහනක් ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10)පෙරවරුවේ පොලොන්නරුවේදී පැවැත්විණි.


විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශයේ මග පෙන්වීමෙන් ”ස්මාර්ට් සමාජ කව” වැඩසටහන යටතේ මෙම ටැබ් පරිගණක යන්ත්‍ර පිරිනැමීම සිදුවන අතර, එය සංකේතවක් කරමින් තමන්කඩුව, දිඹුලාගල හා හිගුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස නියෝජනය කරන ග්‍රාම නිලධාරීන් හා ග්‍රාමීය නියෝජිතයින් කිහිපදෙනෙකු වෙත ජනාධිපතිතුමා අතින් ටැබ් පරිගණක යන්ත්‍ර පිරිනැමීම සිදුවිය.


මෙම අවස්ථාවට උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න ඇතුඑ මැති ඇමතිවරු පිරිසක් ද පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් රංජිත් ආරියරත්න, තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනයේ සභාපතිනි චිත්‍රාංගනී මුබාරක් මහත්මිය ඇතුඑ නිලධාරීන් ද එක් වූහ.
 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.