• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ඉන්දු ශ්‍රී ලංකා සබඳතා පුළුල් කිරීමට මිත්‍රත්වය හේතු සාධකයක් - ඉන්දීය අගමැති

INdu srilanka friendshipsශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඇත්තේ රාජ්‍ය තාන්ත්‍රික භාවයෙන් ඔබ්බට ගිය සුවිශේෂි මිත්‍රත්වයක් බවත් දෙරට අතර විවිධ ක්ෂේත්‍රයන් අතර සම්බන්ධතා පුළුල් කිරීමට මෙම මිත්‍රතත්වය හේතු සාධක වන බවත් ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා පැවසීය.

 

නවදිල්ලි නුවර හයිද්‍රාබාද් මන්දිරයේ දී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඊයේ (05) දිවා භෝජන සංග්‍රමයට එක්වෙමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය.

ආර්ථික, ආරක්ෂක, නීතිය හා සාමය, වෙළෙඳ, තාක්ෂණික, කර්මාන්ත, සේවා, සෞඛ්‍ය ඇතුළු ක්ෂේත්‍රයන් ගණනාවක සංවර්ධනය හා ප්‍රගමනය සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් හුවමාරු විය.

ඉන්දීය සාගර කලාපය නිදහස් නාවුක ගමනාගමනය සුරක්ෂිත කෙරෙන සාමකාමී කලාපයක් ලෙස පවත්වාගෙන යාමේ වැදගත්කම පිළිබඳ ව මෙහිදී සාකච්ඡා විය.

ලබන වසරේ දී ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් උත්සවය සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගිවන ලෙස වික්‍රමසිංහ මහතා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට මෙහිදී ආරාධනා කොට ඇත.

ශ්‍රී ලංකා හා ඉන්දීය ධීවරයන් මුහුණ දෙන ප්‍රායෝගික ගැටලු උදෙසා තිරසර විසඳුමක් ලබාගැනීමේ අපේක්ෂාවෙන් දෙරටේ විදේශ කටයුතු සහ ධීවර අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් ඉහළ පෙළේ සාකච්ඡාවක් පැවැත්වීමට ද මෙහිදී දින නියම කරගත් අතර එම සාකච්ඡාව ලබන නොවැම්බර් 05දා නවදිල්ලි නුවරදී පැවැත්වෙනු ඇත. 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.