• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

සම්බුද්ධ ශාසනයත්,මෙරට බෞද්ධ උරුමයත් දිවිහිමියෙන් ආරක්ෂා කිරීමට කැපවනවා

PM news 2017සම්බුද්ධ ශාසනය,සහ මෙරට බෞද්ධ උරුමය සුරක්ෂිත කිරීමේදී කුමන බාධක එල්ල වුවද ඒ සඳහා කැප වී ක්‍රියාකරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා රුවන්වැලි සෑ රඳුන් ඉදිරිපිටදී පසුගියදා සපථ කළේය.



ඒ රුවන්වැලි සෑ චෛත්‍යාධිකාරී අති පුජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ උපදෙස් මත මධ්‍යම සංස්කෘතික අරමුදල හරහා රුපියල් මිලියන 23 ක වියදමින් සංරක්ෂණය කරන ලද රුවන්වැලි සෑ රඳුන්ගේ වැලි මළුව සංරක්ෂණය නිමවා පූජා කිරීමේ උත්සවයට එක්වෙමිනි.


මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙරට බෞද්ධ පුරාවිද්‍යාත්මක භූමි ප්‍රදේශයන්හි මායිම් තහවුරු කිරීම සඳහාද විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවද අවධාරණය කළේය.


ඒ අනුව කූරගල ආදී පුරා විද්‍යා ස්ථාන වහා සංරක්ෂණය සඳහා මැදිහත් වන බවද සඳහන් කළ අමාත්‍යවරයා කුමන බාධක එල්ල වුවද පුරාවිද්‍යා උරුමයන් ආරක්ෂා කිරීම සඳහා තමා ඇපකැපවන බවද අවධාරණය කළේය. මීට අමතර ව විදෙස් සංචාරකයන්ට ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීම හරහා මධ්‍යම සංස්කෘතික අරමුදල ලබා ගන්නා ආදායමින් දිවයින පුරා වෙහෙර විහාර සංරක්ෂණයට මේ වසරේදී පමණක් රු.මි.400 මුදලක් වෙන් කර ඇති බවත් තවත් රු.මි. 100 දුෂ්කර ප්‍රදේශවල ඇති වෙහෙර විහාරස්ථාන සංරක්ෂණය සඳහා ලබාදීමට පියවර ගෙන ඇති බවද සිහිපත් කළේය.



 අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම පිංකමට අමාත්‍ය පී.හැරිසන් ,අමාත්‍ය චන්ද්‍රානී බණ්ඩාර ඇතුළු මැති ඇමතිවරුන්, මන්ත්‍රීවරුන් මෙන්ම නිලධාරීන් ඇතුළු පිරිසක් එක්වූහ.
 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.