• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ශ්‍රීලංකන් සිය අනාගත නායක නායිකාවන් සාදරයෙන් පිළිගනී

Srilankan news2017 7 12ශ්‍රීලංකන් ගුවන් සමාගම විසින් වසරක පුහුණු කාලසීමාවකින් පසු ගුවන් සමාගමේ අනාගත නායක නායිකාවන් වන  නව කළමනාකරණ පුහුණුවන්නන් 20 දෙනෙකු ගුවන් සමාගම වෙත බඳවා ගැනීම පසුගියදා  සිදුකෙරිණ.


මෙමගින් විශිෂ්ට හැකියාවන් ඇති තරුණ පරපුරට ගුවන් සේවා ක්ෂේත්‍රය වෙත පිවිසීමේ දොරටු විවිර කර ඔවුන්ට  රැකියා අවස්ථා ලබාදීම අපේක්ෂා  විය. 
ගුවන් සමාගම වෙත නව අදහස් මෙන්ම නව මානව සම්පත් ලබැගැනීම සදහා මෙම කළමනාකරණ පුහුණු වැඩසටහන ක්‍රියාතමක කරන ලදී.  ගුවන් සමාගමේ මූලික තනතුරු  රැසක්  මෙම කළමනාකරණ  පුහුණුවන්නන්  විසින්  හොබවනු ඇති අතර  ඔවුන්ගේ නව අදහස් සමගින් ආයතනයේ  අනාගත කළමනාකරණ තනතුරු සඳහා  වෘත්තිකයන්  ලෙස  හැකියා වර්ධනය කරගනු ඇත. 


අතීතයේ දී ශ්‍රීලංකන්  ගුවන් සමාගම මගින්  කළමනාකරණ පුහුණු කණ්ඩායම් 6ක්  බඳවා ගැනීමට කටයුතු  කළ අතර මෙම නව කණ්ඩායම 2016 වසරේ දී බඳවා ගනු ලැබීය .  2000 වසරේ පටන් ආරම්භ කරන ලද මෙම කළමනාකරණ පුහුණු  වැඩසටහන සඳහා   සම්බන්ධ වූ සියලුම දෙනා ගුවන් සමාගමේ  වර්ධනය සඳහා වෘත්තීය මට්ටමින්  ඔවුන්ගේ  දක්ෂතා  පෙන්වා  ආයතනයේ  ඉහළ තලවල   සේවයේ  නිරතව  සිටියි. 


මෙම කළමනාකරණ  පුහුණුවන්නන්   තෝරාගැනීම සඳහා විවිධ ක්‍රියාවලි භාවිතා කළ අතර එමගින් විශිෂ්ටයන් අතරින් අතිවිශිෂ්ටයන්  තෝරාගැනීමට කටයුතු  කෙරීය.  පුවත්පත් මගින් පළකල දැන්වීම්  මත පංති සාමාර්ථ සහිත උපාධියක්  හිමි හෝ සමස්ථ වෘත්තීය සුදුසුකම් සපුරා ඇති හෝ  නියමිත වයස් කාණ්ඩයට ඇතුළත් අ.පො.ස උසස් පෙල විභාගය සඳහා සම්මාන සාමාර්ථ 3ක් ඇති ක්‍රීඩා සඳහා ජාතික  මට්ටමින් ජයග්‍රහණ ලබා ඇති අය සඳහා අයදුම්කිරීමට අවස්ථාව ලබා දී  ඇත.  මෙම අයදුම්කරුවන්  2,391 අතරින් 1,505 දෙනෙකු අවසන්  ලැයිස්තුව සඳහා තෝරාගත් අතර ඔවුන් ලිඛිත  පරීක්ෂණයක් වෙත පසුව භාජනය  කරන ලදී.  


මේ  අතරින්  අයදුම්කරුවන් 20  දෙනෙකු  කළමනාකරණ පුහුණුව සඳහා නිල වශයෙන් තෝරාපත් කරගත් අතර  ඒ සඳහා බහුවිධ තෝරාගැනීමේ ක්‍රියාවලීන් ,ඇගයුම් සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සහ අධ්‍යක්ෂ මණ්ඩලය සමග සම්මුඛ සාකච්ඡා පවත්වන  ලදී. 


ශ්‍රීලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ කර්නල් සුනිල් පීරිස් මහතා  2016 කළමනාකරණ පුහුණු කණ්ඩායම අමතා ප්‍රකාශ කර සිටියේ “ ලෝකයේ බොහොමයක්  ප්‍රමුඛ ආයතන  මෙම කළමනාකරණ පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරමින් ආයතනය වෙත නව මානව සම්පත් ලබාගැනීමට කටයුතු කරනු ලබන බවයි. මෙමගින් අප  ගුවන් සමාගමේ වර්ධනය ,නව අදහස් සඳහා අවකාශයක් ලබාදීම, පුරෝගාමි කළමනාකරුවන් විශ්‍රාම යෑමේ දි ඇතිවන පුරප්පාඩු පිරවීම මෙමගින් අපේක්ෂා කෙරේ.


මෙම කළමනාකරණ පුහුණු කාලසීමාව වසරක් පුරාවට අදියර 2ක් ඔස්සේ පැවැත්විනි. පළමු අදියර යටතේ මෙම කළමනාකරණ පුහුණුවන්නන් පංති කාමර පුහුණුවීම් ඔස්සේ ගුවන් සේවා ක්ෂේත්‍රය පිළිබඳව දැනුම ලබාදීමට කටයුතු  කළ අතර  ඒ සඳහා  IATA පරීක්ෂණය සහ හාවර්ඩ් උපදේශක කළමනාකරණ සහතිකය (Harvard Manage Mentor Certification) ඇතුළත් ය. මෙහි දෙවැනි  අදියර සඳහා  විවිධ පුහුණුවීම් ඇතුළත් වූ අතර ඔවුන් කණ්ඩායම් 4ට බෙදා ජ්‍යෙෂ්ඨ කළමනාකරණ සාමාජිකයෙකුගේ උපදේශනය මත  කටයුතු  කිරීමට සලස්වා ඇත.  සමස්ත පුහුණු වැඩසටහන් කාලසිමාව පුරාවටම සුවිශේෂී වන්නේ විශේෂ නායකත්ව පුහුණු  සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමයි. ඒ සඳහා වැඩමුළු,ව්‍යාපාර පසුබිම්, ව්‍යාපාර සමුළු පැවැත්වීමට කටයුතු කළ අතර එමගින් කළමනාකරණ සහ නායකත්වය සඳහා අත්‍යවශ්‍ය වූ මෘදු කුසලතා සහ තථ්‍ය ව්‍යාපාර තත්වයන් යටතේ අවබෝධය ලබාදීමට කටයුතු  කරන ලදී.  යෝජිත පුහුණු වැඩසටහන් රැසක් තුන්වන පාර්ශව ආයතන වන  Employers’ Federation of Ceylon  සහ බ්‍රිතාන්‍ය කවුන්සිලය (British Council)  යන ආයතන මගින් පවත්වා ඇත. 



නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.