• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මාධ්‍ය නියාමනයෙන් මාධ්‍ය මර්දනයක් නැහැ- නි. ඇමැති කරු පරණවිතාන

Hon karunarathna paranawithanaජනමාධ්‍ය අයිතීන් සහ ප්‍රමිතිය සම්බන්ධයෙන් කතිකාවක් ආරම්භ කර තිබෙන අතර ඒ තුළින් කිසිදු අවස්ථාවක මාධ්‍ය මර්දනයක් සිදු නොවන බව නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පැවසීය.

 



රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (12) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමු‍වේදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා පෙන්වා දුන්නේය.


ඒ මහතා ප්‍රකාශ කළේ මෙම පනත් කෙටුම්පත සැකසීම සම්බන්ධයෙන් මාධ්‍ය ආයතන සහ පොදු ජනතාව සමඟ සාකච්ඡා කිරීම සිදු වන බවයි.


මෙම මාධ්‍ය නියාමන පනත තුළින් මාධ්‍ය මර්දනයක් ඇති වන බවට මතයක් ඇති කිරීමට සමහර පිරිස් කටයුතු කරන බව ද පරණවිතාන මහතා සඳහන් කළේය.


යෝජිත මෙම පනත් කෙටුම්පත සැකසීම සමබන්ධයෙන් ඉදිරියට කටයුතු කර ගෙන යාම සඳහා අමාත්‍ය අනු කමිටුවක් පත් කර තිබෙන බවත් සියලුම පාර්ශයන්ගේ දායකත්වය මත මෙම පනත් කෙටුම්පත සකස් කෙරෙන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.