• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

විදුලි බිල වැඩිවීමක් සිදු වන්නේ නැහැ - විදුලිබල ඇමැති

Ranjith siyambalapitiyaලංකා විදුලිබල මණ්ඩලයේ  නියාමන ආයතනය මහජන උපයෝගීතා කොමිසමයි වන අතර එම කොමිසම සමඟ මාස 06 කට වතාවක් ඉදිරි මාස 06 කට උපකල්පනය කරන ආදායම් හා වියදම් අනුව මණ්ඩලය මුහුණදෙන  මූල්‍යමය තත්ත්වය හා ඒ පිළිබඳව ගතයුතු පියවර මොනවාදැයි යන්න ගැන අදහස් හුවමාරු කරගැනීම සාමාන්‍ය ක‍්‍රියාවලියක් බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති  අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

 2016 ඔක්තෝබර් 01 දා පටන්ගෙන 2017 මාර්තු 31 දා අවසන්වන මාස 06 ක කාලය තුළ ඇති වෙතැයි සිතන නියං කාලගුණය ආදි විශේෂ තත්ත්වයන් මත විදුලිය නිෂ්පාදන වියදම  ඉහල යාමට ඉඩ ඇතැයි උපකල්පනය කරන බැවින්, එම වැඩිවන වියදම ආවරණය කරුනීමට ආදායම 5%කින් වැඩිකර ගැනීම විසඳුමක් ලෙස විදුලිබල මණ්ඩලය තාක්ෂණික වශයෙන් මහජන උපයෝගී කොමිසම වෙත දන්වා ඇත.

ඒත් මේ සම්බන්ධයෙන් අවසාන ප‍්‍රතිපත්තිමය තීරණය ගතයුතුව ඇත්තේ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයෙනි. මේ පිළිබඳව මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය වෙතින් අදහස් විමසා ඇති අතර එහිදී කිසිසේත්ම විදුලිබිල ඉහළ දැමීමට බලාපොරොත්තු නොවන බව අමාත්‍යාංශය විසින් දන්වා ඇත.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.