• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

“දඹුලු ලෙන් විහාරය දින නියමයක් නොමැතිව වසා දැමේ” යන මැයෙන් පැතිර ගිය අසත්‍ය ප්‍රචාරය සම්බන්ධයෙන්

cave templeපසුගියදා (10) දින රැස් වූ පුරා විද්‍යා උපදේශන මණ්ඩලය විසින් දඹුලු ලෙන් විහාරය කඩිනමින් සංරක්ෂණය කිරීමේ අවශ්‍යතාවය වෙනුවෙන් නැවත දන්වන තුරු තාවකාලිකව සංචාරකයින්ට වසා දැමීම උචිත බව ඒකමතිකව තීරණය කරන ලදී.



ඒ සම්බන්ධ වන මාධ්‍ය නිවේදනය අප විසින් නිකුත් කළ අතර ඉන් අවධාරණය කර ඇත්තේ පුරාවිද්‍යා උපදේශන මණ්ඩලය විසින් එළඹි තීරණ සම්බන්ධව පමණී. තීරණ ගැනීම සහ ඒවා ක්‍රියාත්මක කිරීම යනු කාරණා දෙකකි. එසේම පුරා විද්‍යා උපදේශන මණ්ඩලය විසින් ගනු ලැබූ දඹුලු ලෙන් විහාරය සංචාරකයින් සඳහා වසා දැමීමේ තීරණය මේ දක්වා ක්‍රියාත්මක කර නොමැත.


එමෙන් ම විදේශ සංචාරකයින්ට ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සඳහා පුරා වස්තු ආඥාපනත,මධ්‍යම සංස්කෘතික අරමුදල් පනත සහ විහාර දේවාලගම් පනත ප්‍රකාරව පැවරී ඇති නෛතික බලතල අනුව එම වගකීම මධ්‍යම සංස්කෘතික අරමුදලට පැවරීමට පුරාවිද්‍යා උපදේශන මණ්ඩලය තීරණය කරන ලදී. එමෙන් ම පුරා විද්‍යා උපදේශක මණ්ඩලය විසින් ගනු ලැබූ මෙම තීරණ පිළිබඳ ව දඹුලු විහාර පාර්ශවය දැනුවත් කිරීම සහ පුරා විද්‍යා උපදේශක මණ්ඩලයේ සාමාජිකයින් සහ දඹුලු විහාර පාර්ශවයේ ස්වාමීන් වහන්සේ සමඟ අදාළ තීරණ පිළිබඳ ව සාකච්ඡා කිරීමේ කටයුත්ත හැකි ඉක්මනින් සම්බන්ධීකරණය කිරීම සඳහා බෞද්ධ කටයුතු කොමසාරිස් නිමල් කොටවලගෙදර මහතාට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් පසුගියදා (10)  උපදෙස් ලබා දෙන ලදී.

 
ඒ අනුව නුදුරු දිනක දී පුරාවිද්‍යා උපදේශන මණ්ඩලයේ සාමාජිකයින් සහ දඹුලු විහාර පාර්ශවයේ ස්වාමීන් වහන්සේ අතර සාකච්ඡා කොට පවත්නා නෛතික තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් ප්‍රමුඛ අවශ්‍යතාවන් පිළිබඳ ව ද අවධානය යොමු කරමින් පුරාවිද්‍යා උපදේශන මණ්ඩලයේ තීරණ ක්‍රියාත්මක කිරීම කිරීම පිළිබඳව අවසන් එකඟතාවට එළඹෙනු ඇත.



එමෙන් ම මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අවධාරණය කරන්නේ රංගිරි දඹුලු විහාර සම්බන්ධව ගනු ලබන තීන්දු තීරණ නීත්‍යානුකූලව සහ විනිවිදභාවයෙන් යුක්තව සිදුකරන බවයි. එමෙන් ම මෙරට බෞද්ධ ජනතාව සතු සුවිශේෂී ලෝක උරුමයක් වන රංගිරි දඹුලු ලෙන් විහාර සංකීර්ණය සංරක්ෂණය කිරීම සඳහා උපරිම ශක්ති ප්‍රමාණයෙන් රජය කටයුතු කිරීම සද්භාවයෙන් යුතුව බෞද්ධ උරුමය සුරකින කිසිවෙකුගේ හෝ දෝෂාදර්ශනයට ලක්විය නොහැක්කක් බවත්, මෙම සද්කාර්යයට දායකවීම සියලු දෙනාගේ වගකීමක් වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා. දඹුලු විහාර පාර්ශවය ඇතුළු මෙරට සියලු ම මහා සංඝරත්නය මේ සංරක්ෂණ කටයුත්ත සඳහා ආශිර්වාද කරනු ඇති බවද සිහිපත් කළ අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා එය ජාතික වගකීමක් බවද සඳහන් කළේය.



අමාත්‍යවරයා විශාල කැපකිරීමක් සිදුකරමින් දේශපාලනික වශයෙන්ද අපහාස උපහාස විඳ දරා ගනිමින් විනාශමුඛයට පාත්‍ර වී ඇති රංගිරි දඹුලු ලෙන් විහාරය ආරක්ෂා කිරීම සඳහා කැපවී සිටින මොහොතක ඇතැම් පාර්ශව තම පුද්ගලික අභිලාෂයන්ට ප්‍රමුඛතාව දෙමින් කඩිනමින් සිදුකලයුතු සංරක්ෂණ කටයුතු වලට බාධා ඇති කරයි නම් එය ජාතියේ අවාසනාවක් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. ඒ මේ පිළිබඳ ව අමාත්‍යාංශ නිලධාරීන් සමඟ ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවක් අතරතුරයි.
 
 
 
Education-M

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.