• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

නීතියේ ආධිපත්‍යය හා අධිකරණයේ ස්වාධීනත්වය ස්ථාපිත කිරීම සදහා ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියා මාර්ගවලට (SAARC) සම්මේලනයේ ප්‍රධාන ලේකම්ගේ ප්‍රසාදය

Law minstry2017 7 12නීතියේ ආධිපත්‍යය හා අධිකරණයේ ස්වාධීනත්වය ස්ථාපිත කිරීම සදහා ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියා මාර්ග අගය කරන බව (SAARC )සම්මේලනයේ ප්‍රධාන ලේකම් අම්ජාඩ් හුසේන් බී.සියල්  මහතා පවසයි.



දකුණු ආසියානු කලාපීය සම්මේලනයේ ප්‍රධාන ලේකම් අම්ජාඩ් හුසේන් බී.මහතා සහ අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අතර හමුවක් අධිකරණ අමාත්‍යාංශයේදි සිදු විය.


එහිදී වැඩි දුරටත් අදහස් දැක් වු (SAARC) සම්මේලනයේ ප්‍රධාන ලේකම්වරයා පැවසුවේ, 
නීතියේ ආධිපත්‍යය හා අධිකරණයේ ස්වාධීනත්වය ස්ථාපිත කිරීම සදහා ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියා මාර්ග අගය කරනවා. අධිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම සදහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබද ව අතිශයින් සතුටු විය හැකියි. වත්මන් ශ්‍රී ලංකා රජය රට තුළ ජාතීන් හා ආගම් අතර සහජීවනය ඇති කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග ප්‍රශංසනීය බව  ද මෙහිදී හෙතෙම සදහන් කළේය.


කලාපීය වශයෙන් ශ්‍රී ලංකාවේ අධිකරණ ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම පිළිබදව මෙහිදි කරුණු හුවමාරු විය.
 
 
 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.