• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

නේපාල ස්වදේශ කටයුතු අමාත්‍යවරයා සහ අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අතර හමුවක්

nepol meeting 2017 7 12 1නේපාල ස්වදේශ කටයුතු අමාත්‍ය ජනාදන් ශර්මා ප්‍රභාකර් මහතා සහ ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අතර සුහද හමුවක් අද (12) කොළඹ 07, නිදහස් චතුරශ්‍ර, ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සිදු විය.



මෙහිදී දෙරටේ දීර්ඝ කාලීන සමීප සම්බන්ධතාවය පිළිබඳ ව සිහිපත් කරමින් නේපාල ස්වදේශ කටයුතු අමාත්‍ය ජනාදන් ශර්මා ප්‍රභාකර් මහතා සහ අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අදහස් හුවමාරු කර ගත් අතර ස්වදේශ කටයුතු අමාත්‍ය ලෙස ඔහු නේපාලයෙහි ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ ව අදහස් ඉදිරිපත් කරන ලදී.


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්වීමෙන්  ශ්‍රි ලංකාවේ ස්වදේශ කටයුතු කැබිනට් අමාත්‍යවරයා ලෙස මෙතෙක් අමාත්‍යාංශය තුළ සිදු කළ මෙහෙය, එහි ප්‍රගතිය සහ ඉදිරියේදී අමාත්‍යාංශය ලෙස සිදු කිරීමට නියමිත කටයුතු පිළිබඳව නේපාල ස්වදේශ කටයුතු අමාත්‍ය ජනාදන් ශර්මා ප්‍රභාකර් මහතා ඇතුළු නියෝජිත පිරිස අමාත්‍ය වජිර අබේවර්ධන මහතා විසින්  දීර්ඝ ලෙස දැනුම්වත් කරන ලදී.



ඊට අමතර ව ශ්‍රී ලංකාවේ නව ආර්ථික උපයාමාර්ග ඇති කිරීමේ අවස්ථාවන්, සීග්‍රයෙන් වර්ධනය වන ශ්‍රී ලංකා ආර්ථිකය, දකුණේ සංවර්ධනය පිළිබඳව අමාත්‍ය වජිර අබේවර්ධන මහතා, නේපාල ස්වදේශ කටයුතු අමාත්‍ය ජනාදන් ශර්මා ප්‍රභාකර් මහතා ඇතුළු නියෝජිත පිරිස දැනුම්වත් කිරීම මෙහිදී සිදුවිය. එහිදී එම අවස්ථාවන් ජය ගැනීම සඳහා ලබාදිය හැකි උපරිම සහයෝගය රජයක් ලෙස ලබාදෙන බව නේපාල ස්වදේශ කටයුතු අමාත්‍ය ජනාදන් ශර්මා ප්රභාකර් මහතා විසින් අමාත්‍ය වජිර අබේවර්ධන මහතා වෙත තහවුරු කරන ලදී.



මෙම අවස්ථාව සඳහා නේපාල තානාපති මහාචාර්ය බිෂ්වම්බර් පෙයාකුර්යාල්, නේපාල තානාපති කාර්යාලයේ දෙවන ලේකම් දනා කුමාරි ජොෂි, ස්වදේශ කටයුතු අමාත්‍යාංයේ ලේකම් නීල් ද අල්විස්, ස්වදේශ කටයුතු අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් නාමල් අබේවර්ධන, ස්වදේශ කටයුතු අමාත්‍යවරයාගේ උපදේශක මහාචාර්ය නිරන්ජන් ගුණවර්ධන යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.