• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ශ‍්‍රී ලංකාවේ විශාලත ම සූර්යබල ව්‍යාපෘතිය පුනරීන්හිදී ඇරඹේ

air electronicමෙගාවොට් 800ක විදුලි ධාරිතාවයක් උත්පාදනය කරන සූර්යබල විදුලි ව්‍යාපෘතියක් ඉතා කඩිනමින් පුනරීන්හිදී ආරම්භ කිරීමට නියමිත බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

 



ඒ මහතා මේ බව ප‍්‍රකාශ කළේ පසුගියදා අදාළ ව්‍යාපෘතිය ඉදිකිරීමට යෝජිත භූමියේ, ස්ථානීය පරීක්ෂාවකට සහභාගි වෙමිනි.


මෙම ව්‍යාපෘතියට සමගාමීව මෙගාවොට් 240 ක ධාරිතාවයකින් යුත් සුළංබල ව්‍යාපෘතියක්ද යෝජිත භූමියේ ආරම්භ කිරීමට නියමිතය. මෙම ව්‍යාපෘති හරහා විකල්ප බලශක්තීන් වෙනුවෙන් මෙරටින් විදේශයන්ට ඇදීයන මුදලින් රු. බිලියන 03 ක් පමණ වසරකට ඉතිරිකර ගැනීමට හැකියාව ලැබෙන බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.


පුනර්ජනනීය බලශක්තිය උපයෝගී කරගෙන කරන මෙම ව්‍යාපෘති මගින් පරිසර හානිය අවමවන අතර මෙමගින් පරිසරයට කාබන්ඩයොක්සයිඩ් මුදාහැරීමක්ද සිදු නොවේ. එහෙයින් ශ‍්‍රී ලංකාව බලශක්තියෙන් ස්වයංපෝෂිත දේශයක් බවට පත්කිරීමට ගෙනයන ගමනේදී මෙම සූර්ය සහ සුළංබල ව්‍යාපෘති, ලාංකීය බලශක්ති නිෂ්පාදනය නව මාවතකට කැඳවන බව අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේය.


මෙම අවස්ථාවට ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඩබ්. බී. ගනේගල, සාමාන්‍යාධිකාරි ඒ.කේ. සමරසිංහ යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.