• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජනපති බංග්ලාදේශය බලා පිටත්ව යයි

He presidentබංග්ලාදේශ අගමැතිනී ෂීක් හසීනා මහත්මියගේ ආරාධනාවක් පරිදි තෙදින රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (13) පෙරවරුවේ ශ‍්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් බංග්ලාදේශය බලා පිටත්ව ගියේය.

 



මෙම සංචාරයේදී ජනාධිපතිතුමා බංග්ලාදේශ අගමැතිනිය සහ එරට ජනාධිපතිවරයා සමඟ සාකචඡා පැවැත්වීමට නියමිත අතර, බංග්ලාදේශ විදේශ අමාත්‍යවරයා, සෞඛ්‍ය අමාත්‍යවරයා, කථානායකවරයා මෙන්ම විපක්ෂ නායිකාව ද හමුවී සාකච්ඡා පවත්වනු ඇත.


බංග්ලාදේශ අගමැතිනියගේ ආරාධනයෙන් එහි පැමිණෙන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ඉහළම ගෞරවයෙන් පිළිගැනීමට බංග්ලාදේශ රජය සියලු කටයුතු සූදානම් කර තිබේ.


මෙම සංචාරයට අමාත්‍ය රවි කරුණානායක, රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න හා නිශාන්ත මුතුහෙට්ටිගම යන මහත්වරුන් ද එක්වූහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.